E   |     |  

 දිනය: 2026-05-19   පිළිතුර ලබා දී ඇත 

1925/2026: විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත පාසල් දරුවන්: බස්නාහිර පළාත

1925/2026

ගරු දේවානන්ද සුරවීර මහතා,— අග්‍රාම‍ාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      බස්නාහිර පළාත තුළ ඇති රජයේ පාසල්වල වයස අවුරුදු 5—16 අතර දරුවන් සඳහා අනිවාර්ය අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කිරීමට පාසල් කමිටු පිහිටුවා තිබේද;

(ii) කඩින්කඩ, දීර්ඝ කාලීනව සහ සම්පූර්ණයෙන් පාසල් නොයන දරුවන් හඳුනාගෙන තිබේද;

(iii) එසේ නම්, එම දරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ආ) (i) බස්නාහිර පළාත තුළ ඇති රජයේ පාසල්වල සාධන මට්ටම අඩු සහ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් හඳුනාගෙන තිබේද;

(ii) එම දරුවන් හඳුනාගැනීම සඳහා පත් කරන ලද නිලධාරින් කවරේද;

(iii) සාධන මට්ටම අඩු දරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) විශේෂ අධ්‍යාපනය අවශ්‍ය දරුවන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;

(v) පාසල් අධ්‍යාපනය හැර යන දරුවන් යළි පාසල්ගත කිරීම සඳහා නියාමන වැඩපිළිවෙළක් තිබේද; 

(vi) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-05-19

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බස්නාහිර පළාත තුළ ඇති රජයේ පාසල්වල අනිවාර්ය අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කිරීමට අදාළව 2025 දෙසැම්බර් වනවිට පාසල් කමිටු පිහිටුවා ඇත.

බස්නාහිර පළාත තුළ ඇති පාසල් සංඛ්‍යාව

පාසල් කමිටු පිහිටුවා ඇති සංඛ්‍යාව

පාසල් කමිටු පිහිටුවා නොමැති සංඛ්‍යාව

1,344

1,217

127

                        පාසල් කමිටු පිහිටුවා නොමැති පාසල්හි එම කමිටු පිහිටුවීමට අවශ්‍ය කටයුතු පළාත්, කලාප, කොට්ඨාස මට්ටමින් සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත   යොමු කර ඇත. ඊට අදාළ ක්‍රියාමාර්ග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් සිදු කර ඇත.

(ii) ඔව්. 2025 වර්ෂයේ පාසල් නොයන දරුවන් සංඛ්‍යාව පහත (iii)හි සඳහන් ආකාරයෙන් හඳුනාගෙන ඇත.

(iii)

වර්ෂය

හඳුනාගෙන ඇති පාසල් නොයන ළමයින් සංඛ්‍යාව

පාසලට ඇතුළත් කරන ලද ළමයින් සංඛ්‍යාව

අධ්‍යාපන අවස්ථාවකට යොමු නොවූ සංඛ්‍යාව

 

ගැහැනු

පිරිමි

එකතුව

විධිමත් පාසලට

විශේෂ අධ්‍යාපන ඒකකයට

සාක්ෂර පන්ති සඳහා

 

 

 

 

 

ගැහැනු

පිරිමි

ගැහැනු

පිරිමි

ගැහැනු

පිරිමි

ගැහැනු

පිරිමි

2024

347

364

711

280

290

5

4

52

52

10

18

2025

424

461

885

384

393

-

5

29

40

11

23

පාසල් හැර ගිය සිසුන් නැවත පාසල්ගත කරන ලද සංඛ්‍යාව

වර්ෂය

පාසල් හැර ගිය සිසුන් සංඛ්‍යාව

නැවත පාසල්ගත කරන ළමයින් සංඛ්‍යාව

පාසලට ඇතුළත් නොකරන ලද සංඛ්‍යාව

 

ගැහැනු

පිරිමි

එකතුව

ගැහැනු

පිරිමි

එකතුව

ගැහැනු

පිරිමි

එකතුව

2024

266

331

597

241

309

550

26

21

47

2025

143

158

301

109

101

210

42

49

91

(ආ) (i) හඳුනාගෙන ඇත.

(ii) බස්නාහිර පළාත තුළ සෑම කලාපයකටම තක්සේරු කමිටුවක් පිහිටුවා ඇත. (33/2022 චක්‍රලේඛය අනුව) ගුරු භවතුන් සහ විදුහල්පතිවරුන් මඟින් යොමු කරන ලද සිසුන් අදාළ කලාපයේ තක්සේරු කමිටුව මඟින් තක්සේරු කරනු ලැබේ. මෙම තක්සේරු කමිටුවේ සංයුතිය වන්නේ,

• කලාපීය විශේෂ අධ්‍යාපන විෂය අධ්‍යක්ෂ

• කලාපීය ප්‍රාථමික අධ්‍යාපන විෂය අධ්‍යක්ෂ

• ප්‍රාථමික ගුරු උපදේශක

• සම්පත් දායක (විශේෂ අධ්‍යාපන)

• විශේෂ අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක්

(iii) මේ සම්බන්ධයෙන් ඍජු සංඛ්‍යාත්මක අගයක් දැක්විය නොහැක.

(iv) • විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හා විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා අධ්‍යාපන පහසුකම් සැලසීම ඇතුළු සියලුම ළමයින් සඳහා අන්තර්කරණ අධ්‍යාපන ලබා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ 37/2020 හා 2020.12.03 දිනැති විශේෂ අධ්‍යාපන චක්‍රලේඛය අනුව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යටතේ සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහාය ඇතිව හඳුනාගෙන එම දරුවන්ට වයස අවුරුදු 03 සම්පූර්ණ වීමට පෙර කලාප අධ්‍යාපන කාර්යාලයේ ලියාපදිංචි කිරීමට කටයුතු කරන අතර, වයස අවුරුදු 04දී පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකය වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

• මෙම උපදෙස් සංග්‍රහය පිළිබඳ පළාත් හා කලාප නිලධාරින්, විදුහල්පතිවරුන්, අංශ ප්‍රධානීන්, ගුරුභවතුන් දැනුවත් කිරීම හා ඒ අනුව විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම.

• අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 33/2022 හා 2022.09.08 දිනැති අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය අනුව කලාපීය තක්සේරුකරණ කමිටු පිහිටුවා ඒ අනුව කටයුතු කිරීම.

• අන්තර්කරණ අධ්‍යාපනයක් කරා විශේෂ අධ්‍යාපන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය I හා II පිළිබඳ සියලු පළාත්වල විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීම හා විශේෂ අවශ්‍යතා සහිත ළමයින්ගේ අධ්‍යාපනය සංවර්ධනය කිරීම සහ අන්තර්කරණය කිරීම.

• විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් හඳුනා ගැනීම සහ අධ්‍යාපනික මැදිහත් වීම පිළිබඳ උපදෙස් සංග්‍රහය හඳුන්වා දීම සහ විශේෂ අධ‍්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීම.

• ශි‍ෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය පිහිටුවීම සහ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් තක්සේරු කිරීම, වෘත්තීය පුහුණුව ලබා දීම, ගුරු පුහුණුව, දෙමව්පියන් දැනුවත් කිරීම් සිදු කිරීම.

• ජාතික පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක සඳහා ඉගෙනුම් උපකරණ සැපයීම.

• පළාත් මට්ටමින් හඳුනාගත් පාසල් සිසුන් සඳහා ඇස් කණ්ණාඩි සහ සවන්වහල් ලබා දීම.

• උපකෘත විශේෂ පාසල්වල අධ්‍යාපන සංවර්ධනය සඳහා 28/2024 දරන අධ්‍යාපන චක්‍රලේඛ නිකුත් කර ඇති අතර, එමඟින් උපකෘත විශේෂ පාසල්වල ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය සඳහා උපදෙස් ලබා දී ඇත.

• උපකෘත විශේෂ පාසල් හා විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල් අධීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර එමඟින් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන ලදී.

• 2025/01 විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා ඇගයීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් නිකුත් කරනු ලබන විභාග පහසුකම් සැලසීමේ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය සකසා මුද්‍රණය සඳහා යොමු කර ඇත.

• සෑම වසරකම විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා සංඥා හා‍ බ්‍රේල් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

• විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් හඳුනා ගැනීම සහ අධ්‍යාපනික මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රාථමික ගුරු උපදේශකවරුන් හා ගුරුභවතුන් පුහුණු කිරීමේ කටයුතු සිදු කිරීම.

(v) පාසල් අධ්‍යාපනය හැර යන දරුවන් යළි පාසල්ගත කිරීම සඳහා නියමිත වැඩ පිළිවෙළක් ඇත.

(vi) අංක 1963/30 අති විශේෂ ගැසට් නිවේදනය අනුව අනිවාර්යය අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කිරීම යටතේ පාසල් පැමි‍ණවීමේ කමිටු සහ අධීක්ෂණ කමිටු මඟින් අධ්‍යාපනය හැර යන දරුවන් යළි පාසල්ගත කිරීම සඳහා කටයුතු කරනු ලබයි.

• පාසල් කමිටු මඟින් තම පාසල් පෝෂක ප්‍රදේශයේ සිටින පාසල් නොයන ළමයින් හඳුනා ගැනීම කළ යුතුය. ඒ අනුව ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් පාසල්වලට ඇතුළත් කිරීමට පියවර ගත යුතුය.

• එසේම අධීක්ෂණ කමිටු සාමාජිකයන් විසින් හඳුනා ගන්නා ළමයින්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශයෙන් පාසල්වලට ඇතුළත් කිරීම සිදු කරනු ලබයි.

• පරිවාස හා ළමාරක්ෂක නිලධාරි හෝ වෙනයම් කවරෙකු විසින් පාසල් නොයන ළමයකු හඳුනා ගතහොත් අනිවාර්යය අධ්‍යාපන නියෝග යටතේ අධීක්ෂණ කමිටු සභාපති වන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂට යොමු කළ යුතු අතර ඔහු හෝ ඇය අනිවාර්යයෙන් පාසලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබයි.

• යම් හෙයකින් සාක්ෂර හැකියාව නොමැති නම් ඔහු හෝ ඇය පළමුව නොවිධිමත් අධ්‍යාපන සාක්ෂර පාඨමාලාවට යොමු කළ යුතු අතර, ඔවුන් සාක්ෂරතාව අත්පත් කරගන්නා කාල සීමාව තුළ පාසල් අධ්‍යාපනයට ඇතුළත් කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් හේවගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks