logo

02

E   |     |  

 දිනය: 2026-05-08   පිළිතුර ලබා දී ඇත 

1920/2026: රාජගිරිය, නාවල ඇළ හරහා ඉදි කළ පාලම: වර්තමාන තත්ත්වය

.

අසන ලද දිනය

2026-05-08

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. වර්තමානයේ පාලම මත සහ නාවල අන්තයේ හා අංගම්පිටිය අන්තයේ ප්‍රධාන මාර්ගය සම්බන්ධ වන ප්‍රවේශ මාර්ග කොටස් කාපට් අතුරා නිම කර ඇත.

         (ii)      ඔව්.

            (iii)      මෙම පාලම ඉදි කිරීම සම්බන්ධව මූලික පාරිසරික ඇගයීම් වාර්තාවට අනුව පාරිසරික බලපෑම්, සමාජ ආර්ථික බලපෑම් අධ්‍යයනයෙන් අනතුරුව 2020 දෙසැම්බර් 14වන දින සංවර්ධනය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පාරිසරික නිර්දේශය හා අනුමැතිය ලබා දී ඇත. මීට අදාළ ලේඛනය ඇමුණුම 01 වශයෙන් දක්වා ඇත.

එමෙන්ම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් 2021 ජනවාරි 19වන දින මෙම පාලම සංවර්ධනය සඳහා පැරැණි කොටු බැම්ම දෙසට ව්‍යාප්ත නොවන ලෙස ඉදි කිරීම් කටයුතු කරගෙන යෑම සඳහා අදාළ අනුමැතිය ලබා දී ඇත. මීට අදාළ ලේඛනය ඇමුණුම 02 වශයෙන් දක්වා ඇත.

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks