පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1886/2026
ගරු අබූබකර් අතම්බාවා මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කල්මුනේ මහනගර සභාව වර්තමානයේ මෙහෙයුම් ගැටලුවලට මුහුණදී ඇති බවත්;
(ii) අත්‍යවශ්‍ය යන්ත්‍රෝපකරණ, වාහන සහ තාක්ෂණික මෙවලම් හිඟය එම ගැටලු සඳහා හේතුවී ඇති බවත්;
(iii) එම අඩුපාඩුකම් හේතුවෙන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග නඩත්තු කිරීම්, ජලාපවහන කටයුතු සහ පොදු සෞඛ්‍ය සේවාවන් ඇතුළු මහජන සේවාවන් අඩාලවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත මහනගර සභාවේ යන්ත්‍රෝපකරණ හා ධාරිතා අවශ්‍යතා හඳුනාගැනීම සඳහා නිල ඇස්තමේන්තුවක් සකස් කර තිබේද;
(ii) එසේ නම්, එම ඇස්තමේන්තුව මඟින් හඳුනාගෙන ඇති අවශ්‍යතා කවරේද;
(iii) අවශ්‍ය සම්පත් ලබාදීම සඳහා සකස් කර ඇති කාලරාමුව කවරේද;
(iv) විධිමත් හා ස්ථිර සේවාවක් ලබාදීම තහවුරු කිරීම සඳහා මහනගර සභාවට අවශ්‍ය වාහන හා යන්ත්‍රෝපකරණ ලබාදීමට කඩිනම් හෝ දීර්ඝ කාලීන සැලසුම් සකස් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-19
අසන ලද්දේ
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii),(iii) ඔව්.
(ආ) (i) නැත.
වාහන අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
(ii) හඳුනාගෙන ඇති අවශ්‍යතා ලැයිස්තුව ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත.
Annex
Approval of the Department of National Budget for Procurement of Vehicle
Name of the Ministry/Department/Public Institution : Municipal Council Kalmunai
|
SN |
Vehicle Type |
No. of Vehicle |
Purpose of Purchasing |
Remarks |
|
1 |
Tractor only |
2 |
Replacement of existing (For collecting solid waste in MC area) |
|
|
2 |
Tractor with trailer for garbage collection |
5 |
Replacement of existing (For collecting solid waste in MC area) |
|
|
3 |
Tractor with trailer for carrying construction material |
2 |
Non-availability of suitable new vehicle |
|
|
4 |
Only trailer for garbage collection |
5 |
Replacement of existing (For collecting solid waste in MC area) |
|
|
5 |
Only trailer for carrying construction material |
|
|
|
|
6 |
Gully trailer (Specify required capacity in l) |
|
|
|
|
7 |
Water bowser trailer (Specify required capacity in l) |
|
|
|
|
8 |
Backhoe loader |
1 |
Collecting solid waste and drainage cleaning in MC area |
|
|
9 |
Motor Grader |
|
|
|
|
10 |
Compaction rammer (Please specify required impact force in KN) |
|
|
|
|
11 |
Plate compactor (Please specify required impact force in KN) |
1 |
Compacting for playground and road walkway |
23610 lbs12KN |
|
12 |
Walk behind vibratory roller-single drum (Please specify required centrifugal force in KN) |
1 |
Compacting for playground and road walkway |
1 Ton |
|
13 |
Walk behind vibratory roller - double drum (Please specify required centrifugal force in KN) |
|
|
|
|
14 |
Gully bowser truck (Please specify required capacity in l) |
1 |
Non-availability of suitable new vehicle in use for gully waste management |
6000 L |
|
15 |
Water bowser truck (Please specify required capacity in l) |
1 |
Non-availability of suitable new vehicle in use for water supply |
6000 L |
|
16 |
Tipper (Please specify required carrying capacity in ton) |
|
|
|
|
17 |
Dump truck (Please specify required capacity in ton) |
|
|
|
|
18 |
Hand tractor |
|
|
|
|
SN |
Vehicle Type |
No. of Vehicle |
Purpose of Purchasing |
Remarks |
|
19 |
Crusher (Please specify type of crusher and required capacity in tons/hour) |
|
|
|
|
20 |
Garbage compactor truck (Please specify required capacity in m3) |
2 |
Non-availability of suitable new vehicle in solid waste management |
Capacity 6+1m3 Loading capacity m3 |
|
21 |
Sky lift truck (Please specify required working height in m) |
1 |
For street lamp repair and maintenance |
13 metres |
|
22 |
Crawler excavator (Please specify operating weight in tons) |
|
|
13.865-16.1 Ton |
|
23 |
Wheel excavator (Please specify operating weight in tons) |
1 |
For drainage cleaning in MC area |
13.865-16.1 ton |
|
24 |
Wheeled model skid steer loader (Please specify operating weight in tons) |
|
|
|
|
25 |
Vibrating road roller (Please specify operating weight in tons) |
1 |
For MC road renovation work |
5 ton (Operating weight 6.1 ton) |
|
26 |
Road sweeper (Please specify operating weight in tons) |
|
|
|
|
27 |
Fire and rescue vehicle |
1 |
For disaster and fire unit management |
Volume 3000L curb weight 5900 |
|
28 |
Chopper machine (Please specify type and cutting capacity) |
|
|
|
|
29 |
Paddy harvester |
|
|
|
|
30 |
Dozer (Please specify operating weight in tons) |
|
|
|
|
31 |
Wheel loader (Please specify operating weight in tons) |
|
|
|
|
32 |
Motor bicycle |
|
|
|
|
33 |
Double cab vehicle |
2 |
Non-availability of suitable vehicle for field inspection (Assign and pool) |
|
|
34 |
Single cab vehicle |
|
|
|
|
35 |
Crew cab vehicle |
|
|
|
|
36 |
Three wheeler |
1 |
Use for MC work |
|
|
37 |
Generator (Please specify required power in KW) |
|
|
|
|
38 |
Portable air compressor (Please specify max. pressure and tank capacity) |
1 |
Use for MC vehicle |
116 psi, 40L |
|
39 |
Levelling instrument, tripod and levelling stuff |
|
|
|
(iii) ප්‍රමාණවත් ප්‍රතිපාදන කල්මුනේ මහ නගර සභාව සතුව නොමැති බැවින්, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන සහ මුදල් අමාත්‍යාංශය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වූ ඉල්ලීම් පිළිවෙළින් නැඟෙනහිර පළාත් සභාව සහ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
(iv) කල්මුනේ මහ නගර සභාවට, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මඟින් නැඟෙනහිර පළාත් සභාව විසින් 2025 වසරේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 2.5ක මුදල සමඟ කල්මුනේ මහ නගර සභා අරමුදලින් රුපියල් මිලියනයක් යොදාගෙන ට්‍රැක්ටර් රථයක් මිලදී ගෙන ඇති අතරම 2026 වර්ෂයේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 4ට රුපියල් මිලියන 3.5ක නගර සභා අරමුදල් යොදවා ට්‍රැක්ටර් රථ දෙකක් මිලදී ගෙන ඇත.
එසේම මුදල් අමාත්‍යාංශය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම්ගේ අංක BD/GPS/13/03/2025 හා 2025.09.13 දිනැති ලිපිය මඟින් පළාත් පාලන ආයතනවල ට්‍රැක්ටර්, ගලිබවුසර්, බැකෝ යන්ත්‍ර, ත්‍රී වීලර්, ටිපර් රථ හා මෝටර් ග්‍රේඩර් ආදී වාහන අවශ්‍යතා කැඳවා තිබූ අතර, ඒ අනුව කල්මුනේ මහ නගර සභාවේ එම වාහන අවශ්‍යතාව ජාතික අය වැය දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks