E   |     |  

 දිනය: 2026-04-10   පිළිතුර ලබා දී ඇත 

1882/2026: ජාතික අධ්‍යාපන ආයතනය: වෘත්තිකයින් සඳහා පවත්වන පාඨමාලා

.

අසන ලද දිනය

2026-04-10

අසන ලද්දේ

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)         1.     අධ්‍යාපන දර්ශනපති පාඨමාලාව

2.     අධ්‍යාපනපති පාඨමාලාව

3.     අධ්‍යාපන කළමනාකරණ පිළිබඳ විද්‍යාපති උපාධි පාඨමාලාව

4.     අධ්‍යාපන කළමනාකරණ පිළිබඳ අධ්‍යාපනපති උපාධි පාඨමාලාව

5.     පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව

6. පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

7. අධ්‍යාපනවේදී (ගෞරව) උපාධි පාඨමාලාව

8.අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව

9. ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව

10. අධ්‍යාපන තක්සේරුව හා ඇගයීම පිළිබඳ ඩිප්‍ලෝමා පාඨමාලාව

11. මුල් ළමා විය සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව

12. පාසල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

13. විශේෂ අධ්‍යාපන පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

14. සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාව

15. උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

16. පාසල් වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

17. අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ තේමා පාඨමාලාව

18. බ්‍රේල් සහතික පත්‍ර පාඨමාලාව

(ii) එම එක් එක් පාඨමාලාව සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සහ පාඨමාලා කාලය වෙන් වෙන් වශයෙන් පහත ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.

(iii)       ඔව්.

                        අපි ප්‍රශ්න අංක (iv)ට ලබා දී තිබෙන පිළිතුරේ මේ පාඨමාලා සම්බන්ධව සඳහන් කර තිබෙනවා. මෙතැනදී පර්යේෂණ සම්බන්ධයෙන් තිබෙන පාඨමාලා විශ්වවිද්‍යාල හා සමානව, ඒ කියන්නේ නිබන්ධන සහ වාචික පරීක්ෂණ - viva - විධියට යන්නේ. අනෙකුත් පාඨමාලා SLQF වාගේ, විශ්වවිද්‍යාලයට සමාන විධියට තමයි කටයුතු කරන්නේ.  ඩිප්ලෝමා සම්බන්ධයෙන් විභාග සහ ප්‍රායෝගික පරීක්ෂණ තමයි පැවැත්වෙන්නේ. සාමාන්‍ය විශ්වවිද්‍යාලවලට සමාන SLQF තත්ත්වයේ ඇගයීම් ක්‍රම යටතේ තමයි දැනට ජාතික අධ්‍යාපන ආයතනය මේ පාඨමාලා පවත්වන්නේ.

(iv) 1. අධ්‍යාපන දර්ශනපති පාඨමාලාව

2. අධ්‍යාපනික පාඨමාලාව

3. අධ්‍යාපන කළමනාකරණ පිළිබඳ විද්‍යාපති උපාධි පාඨමාලාව

පර්යේෂණ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පර්යේෂණ වාර්තා ඇගයීම සිදු කෙරේ.

4. අධ්‍යාපන කළමනාකරණය පිළිබද අධ්‍යාපනපති උපාධි පාඨමාලාව

5. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව

6. පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

7. අධ්‍යාපනවේදී (ගෞරව) උපාධි පාඨමාලාව

8. අධ්‍යාපන කළමනාකරණය පිළිබද අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව

9. ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව

10. අධ්‍යාපනික තක්සේරුව හා ඇගයීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

11. මුල් ළමාවිය සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව

12. පාසල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

13. විශේෂ අධ්‍යාපන පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

මෙම පාඨමාලාවේ ඇගයීම් ක්‍රමය ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයකි.

14. සංඥා භාෂා ඩිප්‍ලෝමා පාඨමාලාව

මෙම පාඨමාලාවේ ඇගයීම් ක්‍රමය ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයකි.

15. උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

16. පාසල් වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

17. අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ තේමා පාඨමාලාව

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සිදු කරනු ලබන දින තුනක කෙටි පාඨමාලාවකි.

18. බ්‍රේල් සහතික පත්‍ර පාඨමාලාව

මෙම පාඨමාලාවේ ඇගයීම් ක්‍රමය ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයකි.

(v) ඔව්. සමහර පාඨමාලා ප්‍රමාදවීමක් සිදු වෙලා අවසන් නොකළ පාඨමාලා තිබෙනවා.

‍ (vi) අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති උපාධි පාඨමාලාව, දෑ අවුරුදු අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව සහ සිව් අවුරුදු අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව.

(ආ) අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති උපාධිය මාස අටකින් පරක්කු වෙලා තිබෙනවා. අවසන් වෙලාත් තිබෙනවා. ඒක 2022දී වෙලා තිබෙන්නේ. 2023දී ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව මාස හතරක ප්‍රමාදයක් වෙලා අවසන් වෙලා තිබෙනවා. 2024දී දෙමළ මාධ්‍ය පාඨමාලා මාස තුනකින් ප්‍රමාද වෙලා අවසන් වෙලා තිබෙනවා. දෑ අවුරුදු අධ්‍යාපනවේදී පාඨමාලාව හා සිව් අවුරුදු අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. බඳවා ගැනීම සිදු වෙලා තිබෙන්නේ 2021 වර්ෂයේදී. 14,000ක් විතර බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ කැඳවලා තිබෙනවා  නමුත් 2022දී ආරම්භ කරන්න තිබුණාට, කොරෝනා සහ ආර්ථික අර්බුදය නිසා එය නැවත පරක්කු වෙලා තිබෙනවා. ඊට පස්සේ නැවත වතාවක් ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයට සහ ආයතන සභාවට ඉදිරිපත් කරලා නැවත අනුමැතිය ගන්න සිදු වෙලා තිබෙනවා. මේ කාරණා නිසා ප්‍රමාදයක් සිදු වෙලා තිබෙනවා. දැනට semesters දෙකක විතර විභාග කටයුතු පැවැත්වෙලා නැහැ. ඕක තමයි පිළිතුර.

 

පිළිතුරු දුන් දිනය

2026-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks