පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2821/’12
ගරු රවී කරුණානායක මහතා,— පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ කාර්යභාරය කවරේද;
(ii) අමාත්‍යාංශයේ සේවයේ නියුතු එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මේවන විට රට තුළ ධාවනයට යොදාගන්නා මුළු පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;
(ii) නිසි ලියාපදිංචිවීමකින් අනතුරුව ධාවනය වන පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iii) නිසි ලියාපදිංචිවීමකින් තොරව ධාවනය වන පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iv) 2000, 2003 සහ 2006 යන වර්ෂවලදී ධාවනය කරවන ලද පුද්ගලික බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) පසුගිය වර්ෂ අටක කාලය තුළ පුද්ගලික බස් ගාස්තු සංශෝධනය වූ අවස්ථා කවරේද;
(ii) ඉකුත් කාලසීමාව තුළ අනුමත කරන ලද බස්ගාස්තු වැඩිවීම් කවරේද;
යන්න වාර්ෂික පදනමින් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-06
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුද්ගලික ප්‍රවාහන සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සී.බී. රත්නායක මහතා (පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு சீ.பி. ரத்நாயக்க - தனியார் போக்குவரத்துச் சேவைகள் அமைச்சர்)
(The Hon. C.B. Rathnayake - Minister of Private Transport Services)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) (1) මහින්ද චින්තන ඉදිරි දැක්ම සහ රජය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනත් ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ විෂයයට අදාළ ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම;
(2) අදාළ අරමුණු සපුරා ගැනීම සඳහා ජාතික සැලසුම් බලධාරින් හා එකඟත්වයට පැමිණි කාලසීමාව සහ අයවැයගත සම්පත් ප්‍රමාණය තුළ ඉහත ප්‍රතිපත්ති, වැඩ සටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ මෙහෙයවීම;
(3) අමාත්‍යාංශ විෂය පථයට අයත් වන මහජන සේවාවන් කාර්යක්ෂමව සහ මහජන හිතකාමී අයුරින් ලබා දීම;
(4) ආරක්ෂාකාරී විශ්වාසනීය මඟී ප්‍රවාහන සේවා ලබා දීම;
(5) ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අනෙකුත් සියලු විෂයයන් සහ
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අධීක්ෂණය කිරීම.
(ii) සේවක ප්‍රමාණය 32යි.
(ආ) (i) 2011 වර්ෂයේ දෙසැම්බර් වන විට බලපත්‍ර ලබා දී ඇති මුළු පුද්ගලික බස් රථ සංඛ්‍යාව 19699යි. එයින් පළාත් සභා බස් රථ සංඛ්‍යාව 16533යි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් බලපත්‍ර ලබා දී ඇති අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 3166ක්ද වෙනවා. මේ අතරින් ධාවනය වන මුළු පුද්ගලික බස් රථ සංඛ්‍යාව වන්නේ බස් රථ බලපත්‍ර අවලංගු කිරීම්, ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවතීම ආදී කරුණු නිසා ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ හැර ඉතිරිය වේ. තවද මීට අමතරව සංචාරක සහ වෙනත් කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ ද ඇත.
(ii) නිසි ලියා පදිංචි වීමෙන් අනතුරුව ධාවනය වන මුළු පුද්ගලික බස් රථ සංඛ්‍යාව 16602යි.
මෙයින් පළාත් සභා බස් රථ සංඛ්‍යාව 14,069යි. අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,533යි.
(iii) විවිධ සමීක්ෂණ හා ලැබෙන තොරතුරු මාර්ගයෙන් බස් රථ ප්‍රමාණයක් අවසර පත්‍ර ලබා නොගෙන ධාවනය වන බව වාර්තා වී ඇත.
(iv) 2000 වර්ෂය :
ධාවනය කළ මුළු පෞද්ගලික බස්රථ සංඛ්‍යාව 12,667කි. මෙයින්, පළාත් සභා බස් රථ සංඛ්‍යාව 10,089ක් ද, ධාවනය කළ අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,578ක් ද වේ.
2003 වර්ෂය :
ධාවනය කළ මුළු පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 13,266කි. මෙයින්, පළාත් සභා බස් රථ සංඛ්‍යාව 10,518ක් ද, ධාවනය කළ අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,748ක් ද වේ.
2006 වර්ෂය :
ධාවනය කළ මුළු පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 12,656කි. මෙයින්, ධාවනය කළ පළාත් සභා බස් රථ සංඛ්‍යාව 10,111ක් ද, ධාවනය කළ අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,545ක් ද වේ.
(ඇ) (i)
01. 2004 සැප්තැම්බර් 01
2004 ඔක්තෝබර් 02
02. 2005 ජුනි 10
03. 2006 අප්‍රේල් 24
04. 2007 ජූලි 04
05. 2008 පෙබරවාරි 01
2008 මැයි 27
2008 නොවැම්බර් 12
06. 2009 ජනවාරි 06
2009 සැප්තැම්බර් 22
07. 2010 ගාස්තු සංශෝධනය වී නොමැත.
08. 2011 ජූලි 01
(ii)
01. 2004 සැප්තැම්බර් 01 - 9% (වැඩිවීම)
2004 ඔක්තෝබර් 02 - 5% (වැඩිවීම)
02. 2005 ජූනි 10 - 13.8% (වැඩි වීම)
03. 2006 අප්‍රේල් 24 - 16% (වැඩි වීම)
04. 2007 ජූලි 04 - 17.5% (වැඩි වීම)
05. 2008 පෙබරවාරි 01 - 4.9% (වැඩි වීම)
2008 මැයි 27 - 27.2% (වැඩි වීම)
2008 නොවැම්බර් 12 - -11.6% (අඩු වීම)
06. 2009 ජනවාරි 06 - -4.3% (අඩු වීම)
2009 සැප්තැම්බර් 22 - 5.3% (වැඩි වීම)
07. 2010 ගාස්තු සංශෝධනය වී නොමැත.
08. 2011 ජූලි 01 - 7.6% (වැඩි වීම)
09. 2012 පෙබරවාරි 14 - 20% (වැඩි වීම)
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks