Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2821/’12
Hon. Ravi Karunanayake,— To ask the Minister of Private Transport Services,—
(a) Will he state—
(i) the functions of the Ministry of Private Transport; and
(ii) the number of staff members attached to the Ministry?
(b) Will he also state—
(i) the total number of private buses being operated in the country as of today;
(ii) the number of private buses being operated with a proper registration;
(iii) the number of private buses being operated without a proper registration; and
(iv) the number of private buses operated in the years 2000, 2003 and 2006 separately;
(c) Will he inform this House on per year basis—
(i) as to when the private bus fairs have been revised during the last 8 years ; and
(ii) the increases of the bus fair approved during the aforesaid period?
(d) If not, why?
Asked Date
2013-03-06
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
Private Transport Services
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු සී.බී. රත්නායක මහතා (පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு சீ.பி. ரத்நாயக்க - தனியார் போக்குவரத்துச் சேவைகள் அமைச்சர்)
(The Hon. C.B. Rathnayake - Minister of Private Transport Services)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) (1) මහින්ද චින්තන ඉදිරි දැක්ම සහ රජය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනත් ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ විෂයයට අදාළ ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම;
(2) අදාළ අරමුණු සපුරා ගැනීම සඳහා ජාතික සැලසුම් බලධාරින් හා එකඟත්වයට පැමිණි කාලසීමාව සහ අයවැයගත සම්පත් ප්‍රමාණය තුළ ඉහත ප්‍රතිපත්ති, වැඩ සටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ මෙහෙයවීම;
(3) අමාත්‍යාංශ විෂය පථයට අයත් වන මහජන සේවාවන් කාර්යක්ෂමව සහ මහජන හිතකාමී අයුරින් ලබා දීම;
(4) ආරක්ෂාකාරී විශ්වාසනීය මඟී ප්‍රවාහන සේවා ලබා දීම;
(5) ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අනෙකුත් සියලු විෂයයන් සහ
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අධීක්ෂණය කිරීම.
(ii) සේවක ප්‍රමාණය 32යි.
(ආ) (i) 2011 වර්ෂයේ දෙසැම්බර් වන විට බලපත්‍ර ලබා දී ඇති මුළු පුද්ගලික බස් රථ සංඛ්‍යාව 19699යි. එයින් පළාත් සභා බස් රථ සංඛ්‍යාව 16533යි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් බලපත්‍ර ලබා දී ඇති අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 3166ක්ද වෙනවා. මේ අතරින් ධාවනය වන මුළු පුද්ගලික බස් රථ සංඛ්‍යාව වන්නේ බස් රථ බලපත්‍ර අවලංගු කිරීම්, ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවතීම ආදී කරුණු නිසා ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ හැර ඉතිරිය වේ. තවද මීට අමතරව සංචාරක සහ වෙනත් කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ ද ඇත.
(ii) නිසි ලියා පදිංචි වීමෙන් අනතුරුව ධාවනය වන මුළු පුද්ගලික බස් රථ සංඛ්‍යාව 16602යි.
මෙයින් පළාත් සභා බස් රථ සංඛ්‍යාව 14,069යි. අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,533යි.
(iii) විවිධ සමීක්ෂණ හා ලැබෙන තොරතුරු මාර්ගයෙන් බස් රථ ප්‍රමාණයක් අවසර පත්‍ර ලබා නොගෙන ධාවනය වන බව වාර්තා වී ඇත.
(iv) 2000 වර්ෂය :
ධාවනය කළ මුළු පෞද්ගලික බස්රථ සංඛ්‍යාව 12,667කි. මෙයින්, පළාත් සභා බස් රථ සංඛ්‍යාව 10,089ක් ද, ධාවනය කළ අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,578ක් ද වේ.
2003 වර්ෂය :
ධාවනය කළ මුළු පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 13,266කි. මෙයින්, පළාත් සභා බස් රථ සංඛ්‍යාව 10,518ක් ද, ධාවනය කළ අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,748ක් ද වේ.
2006 වර්ෂය :
ධාවනය කළ මුළු පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 12,656කි. මෙයින්, ධාවනය කළ පළාත් සභා බස් රථ සංඛ්‍යාව 10,111ක් ද, ධාවනය කළ අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව 2,545ක් ද වේ.
(ඇ) (i)
01. 2004 සැප්තැම්බර් 01
2004 ඔක්තෝබර් 02
02. 2005 ජුනි 10
03. 2006 අප්‍රේල් 24
04. 2007 ජූලි 04
05. 2008 පෙබරවාරි 01
2008 මැයි 27
2008 නොවැම්බර් 12
06. 2009 ජනවාරි 06
2009 සැප්තැම්බර් 22
07. 2010 ගාස්තු සංශෝධනය වී නොමැත.
08. 2011 ජූලි 01
(ii)
01. 2004 සැප්තැම්බර් 01 - 9% (වැඩිවීම)
2004 ඔක්තෝබර් 02 - 5% (වැඩිවීම)
02. 2005 ජූනි 10 - 13.8% (වැඩි වීම)
03. 2006 අප්‍රේල් 24 - 16% (වැඩි වීම)
04. 2007 ජූලි 04 - 17.5% (වැඩි වීම)
05. 2008 පෙබරවාරි 01 - 4.9% (වැඩි වීම)
2008 මැයි 27 - 27.2% (වැඩි වීම)
2008 නොවැම්බර් 12 - -11.6% (අඩු වීම)
06. 2009 ජනවාරි 06 - -4.3% (අඩු වීම)
2009 සැප්තැම්බර් 22 - 5.3% (වැඩි වීම)
07. 2010 ගාස්තු සංශෝධනය වී නොමැත.
08. 2011 ජූලි 01 - 7.6% (වැඩි වීම)
09. 2012 පෙබරවාරි 14 - 20% (වැඩි වීම)
(ඈ) අදාළ නොවේ.
Answered Date
2013-03-06
Answered by
Hon. C. B. Rathnayake, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks