පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන්ගේ වියදමෙන් වාර්තා කරන පුවත් සඳහා මාධ්‍ය ආයතන ගෙවනු ලබන මුදල පිළිබඳව දන්නේද;
(ii) එසේ නම්, එම ගෙවීම් ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(iii) ඔවුන්ට නිශ්චිත අවම දීමනාවක් හඳුන්වාදීමට කටයුතු කරන්නේද;
(iv) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එවනු ලබන ගවේෂණාත්මක පුවත් විවිධ හේතු මත මාධ්‍ය ආයතන විසින් වාරණය කිරීමට හෝ විකෘති කිරීම වැළැක්වීමට ඇති වැඩපිළිවෙළ කවරේද;
(v) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ගවේෂණාත්මක පුවත් සඳහා මාධ්‍ය ආයතන පමණක් සම්මාන දිනා ගැනීම නතර කිරීමට මැදිහත් වන්නේද;
(vi) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සපයන තොරතුරු සහ දර්ශන හේතුවෙන් ඔවුන් දෝෂාරෝපණයට ලක්වීම හෝ අනාරක්ෂිතවීම වැළැක්වීමට ගන්නා පියවර කවරේද;
(vii) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන අසාධාරණයන් සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-07
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රජය විසින් නොවෙයි, පෞද්ගලික මාධ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල වෙත සේවා ලබා ගැනීම වෙනුවෙන් සිදු කරනු ලබන ගෙවීම් තීරණය කරන්නේ. ඒ නිසා අමාත්‍යාංශයේ මැදිහත්වීමක් ඒ පිළිබඳව සිදු කරන්නේ නැහැ.
(ii) පෞද්ගලික ආයතනවල ගෙවීම් සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්නේ නැහැ.
(iii) ඔවුන්ට දීමනාවක් හඳුන්වා දෙන්න අමාත්‍යාංශයට මැදිහත්වීමක් කරන්න බැහැ.
(iv) පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් වාර්තා කරනු ලබන ලිපිවල අන්තර්ගතයන් සම්බන්ධ කටයුතු පාලනය කිරීමට රජය ලෙස අපට හැකියාවක් නැහැ. ඒක මාධ්‍ය නිදහස සම්බන්ධ කාරණයක්.
(v) ඒක මාධ්‍ය ආයතනවල තිබෙන තරගවල නීති-රීති අනුව කරන දෙයක්. ඒ නිසා ඒකට මැදිහත්වීමේ හැකියාවක් නැහැ.
(vi) ඇත්තටම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පෞද්ගලික ආයතනවලට වැඩ කිරීම සම්බන්ධයෙන් අපට මැදිහත් වෙන්න බැරි වුණත්, අපි රජයක් ලෙස ඇත්තටම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන වැඩවලට සම්බන්ධ වෙනවා. යම් හෙයකින් ඔවුන් සමාජයෙන් මොනවා හරි ගැටලුවකට මුහුණ දෙනවා කියලා දැනගත් වහාම අපි එයට මැදිහත් වෙලා තිබෙනවා. රජය ලෙස අපි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටිනවා කියන කාරණය තමයි කියන්න තිබෙන්නේ.
(vii) මාධ්‍ය ආයතනවලින් සිදු වන අසාධාරණ සම්බන්ධව ඇත්තටම කම්කරු නීතිය යටතේ තමයි පියවර ගත යුත්තේ. නමුත්, ඒක හැරුණාම ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලු ඇති වූ විට අපි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලෙස මැදිහත් වෙලා තිබෙනවා. ඒ වාගේම ඔවුන්ගේ විවිධ සුබසාධන වැඩසටහන් සඳහා අපි රජය ලෙස මැදිහත් වෙලා තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks