පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) වන්නි මැතිවරණ කොට්ඨාසයට අයත් —
(i) කුඩා සහ විශාල වාරි වැව් සංඛ්‍යාව;
(ii) වාරි කටයුතු සඳහා භාවිතා කරනු ලබන වැව් සංඛ්‍යාව;
(iii) වාරි කටයුතු සඳහා භාවිතා නොකරන වැව් සංඛ්‍යාව;
(iv) කුඹුරු ඉඩම් ප්‍රමාණය;
එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) (අ)(iii)හි සඳහන් වැව්, වාරි කටයුතු සඳහා භාවිතා නොකිරීමට හේතු කවරේද;
(ii) එම වැව් ප්‍රතිසංස්කරණය කර එම වැව්වලට පහළින් පිහිටි ඉඩම්, වගා කිරීම සඳහා ඉඩම් නොමැති පවුල් සඳහා ලබාදීමේ හැකියාවක් තිබේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) • වාරිමාර්ග දෙපාර්තමේන්තුව (මධ්‍යම රජය) යටතේ පාලනය හා නඩත්තු වන විශාල වැව් 04ක්, මධ්‍යම ප්‍රමාණය වැව් 04ක් හා අමුණු 01ක් පවතී.
• ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන කුඩා වැව් 30ක් (මුලතිව් දිස්ත්‍රික්කය තුළ 12, වවුනියාව දිස්ත්‍රික්කය තුළ 18) පවතී.
• ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා හා විශාල වාරි වැව් 1,748ක් (මුලතිව් දිස්ත්‍රික්කය තුළ 437ක්, මන්නාරම දිස්ත්‍රික්කය තුළ 449, වවුනියාව දිස්ත්‍රික්කය තුළ 862) පවතී.
ඒ, අනුව වන්නි මැතිවරණ කොට්ඨාසය තුළ විශාල, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වැව් ලෙස පවතින සමස්ත වැව් ප්‍රමාණය 1,786 වේ.
(ii) • වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉහත (i)හි සඳහන් වැව් 08 හා අමුණ වාරි කටයුතු සඳහා භාවිත කරනු ලබයි.
• ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වැව් 26ක් (මුලතිව් දිස්ත්‍රික්කය තුළ 09, වවුනියාව දිස්ත්‍රික්කය තුළ 17) වාරි කටයුතු සඳහා භාවිත කරනු ලබයි.
• ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වැව් 1,296ක් (මුලතිව් දිස්ත්‍රික්කය තුළ 406, මන්නාරම දිස්ත්‍රික්කය තුළ 269, වවුනියාව දිස්ත්‍රික්කය තුළ 621) වාරි කටයුතු සඳහා භාවිත කරනු ලබයි.
ඒ අනුව, වන්නි මැතිවරණ කොට්ඨාසය තුළ භාවිත කරනු ලබන මුළු වැව් සංඛ්‍යාව 1,330කි.
(iii) • වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වාරි කටයුතු සඳහා භාවිත නොකරන වැව් නොමැත.
• ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින වැව් 04ක් (මුලතිව් දිස්ත්‍රික්කය තුළ 03, වවුනියාව දිස්ත්‍රික්කය තුළ 01) වාරි කටයුතු සඳහා භාවිත නොවේ.
• ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 453ක් (මුලතිව් දිස්ත්‍රික්කය තුළ 31, මන්නාරම දිසත්‍රික්කයට තුළ 180, වවුනියාව දිස්ත්‍රික්කය තුළ 242) වාරි කටයුතු සඳහා භාවිත නොවේ.
ඒ අනුව, වන්නි මැතිවරණ කොට්ඨාසය තුළ වාරි කටයුතු සඳහා භාවිත නොකරන මුළු වැව් සංඛ්‍යාව 457කි.
(iv)
|
වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
අක්කර 46,171 |
|
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය |
අක්කර 2,224 (මුලතිව් දිස්ත්‍රික්කය තුළ අක්කර 963, වවුනියාව දිත්‍රික්කය තුළ අක්කර 1,261) |
|
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව |
අක්කර 193,405.178 (මුලතිව් දිස්ත්‍රික්කය තුළ අක්කර 70,965.85, මන්නාරම දිස්ත්‍රික්කය තුළ අක්කර 59,042, වවුනියාව දිස්ත්‍රික්කය තුළ අක්කර 63,400.33) |
(ආ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින වාරි කටයුතු සඳහා භාවිතා නොකරන වැව් භාවිත නොකිරීමට හේතු:
මුලතිව් දිස්ත්‍රික්කය
• සින්නකුලම් - වැව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ යුතුව ඇත. කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් කුඹුරු ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇත.
මේ වැවත් ඉදිරියේදී ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා. ඒ නිසා තමයි දැනට භාවිත නොකරන්නේ.
• සිවන්තාමුරිප්පු - වැව සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ යුතුව ඇත. කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් කුඹුරු ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇත.
• කොරකඟවැව - වනාන්තරය තුළ පිහිටා ඇත. වනජීවී අවශ්‍යතා සඳහා වෙන් කර ඇත.
වවුනියාව දිස්ත්‍රික්කය
• රඹවෙට්ටිවැව - ඉඩම් කට්ටි සැලසුම් සකස් කර ඇත. ඉදිරියේදී අපි මෙම වැව ප්‍රතිසංස්කරණය කරලා අවශ්‍යතා සඳහා යොදා ගන්න පුළුවන් මට්ටමට සකස් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින වාරි කටයුතු සඳහා භාවිත නොකරන වැව් භාවිත නොකිරීමට හේතු:
මුලතිව් දිස්ත්‍රික්කය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රදේශවල මේ වැව් පිහිටා ඇත. මන්නාරම දිස්ත්‍රික්කය තුළ තිබෙන වැව් ගත්තත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි තිබෙන්නේ. එබැවින්, සමාජ හා පාරිසරික බලපෑම් සලකා බැලීමෙන් පසු පමණක් ඒ වැව්වල සංවර්ධන කටයුතු සිදු කළ හැකිය.
වවුනියාව දිස්ත්‍රික්කය
භාවිතයට නොගන්නා සුළු වාරි වැව් සංඛ්‍යාව 241කි. සාමාන්‍ය ප්‍රදේශවල වැව් 71ක් පිහිටා ඇත. වන සංරක්ෂණ සීමාව තුළ වැව් 170ක් පවතී.
(ii) මහවැලි අධිකාරිය යටතේ පවතින සින්නකුලම්, සිවන්තාමුරිප්පු, රඹවෙට්ටිවැව යටතේ ඇති ඉඩම් කුඹුරු ඉඩම් ලෙස ලබා දීමට හැකියාව ඇත. ඒ සඳහා කටයුතු කරමින් පවතී.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඇති ඉඩම් වගා කිරීමට ඉඩම් නොමැති පවුල්වලට - වැව්වලට පහළින් පිහිටි ඉඩම් - වැව් ප්‍රතිසංස්කරණය කළ පසු ලබා දිය හැක. වර්තමානයේ අහස් දියෙන් වගා කටයුතු සිදු කරමින් පවතිනවා, මේ වැව් පද්ධති නවීකරණය කරන තෙක්.
(iii) • සින්නකුලම්, සිවන්තාමුරිප්පු - කිවුල්ඔය ජලාශ ව්‍යාපෘතිය අවසන්වීමෙන් පසු
• රඹවෙට්ටි වැව - වසරක් තුළ (2027 වසර තුළ)
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ වැව් ප්‍රදේශ නිදහස් කළ පසු වසර දෙකක් ඇතුළත.
(ඇ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks