පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1809/2026
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) අසාධාරණයට ලක්වූ තැන්පත්කරුවන්ගෙන් ගම්පහ සණස බැංකුව සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබේද;
(ii) එසේ නම්, එම පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(iii) එම පැමිණිලි පොලීසිය වෙත ලැබුණු දිනය එක් එක් පැමිණිල්ල අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය විසින් මේ දක්වා සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය කවරේද;
(v) සණස බැංකුව මඟින් ණය ලබාගෙන ඇති Gampaha Development Company (PVT) Ltd, (GDC) ආයතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබේද;
(vi) එසේ නම්, එම පැමිණිලි සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) 207කි.
ගම්පහ පොලිස් ස්ථානය වෙත පැමිණිලි 203යි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි 04යි.
(iii) පහත ඇමුණුමෙහි වගුවල (ii) තීරුව මඟින් දක්වා ඇත.
(iv) ඉහත ඇමුණුමෙහි 1 වන වගුවේ (v) තීරුව මඟින් හා 2 වගුවේ (iv) තීරුව මඟින් දක්වා ඇත.
(v) ඔව්.
ගම්පහ පොලිස් ස්ථානය වෙත පැමිණිලි 02යි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි 01යි.
(vi)
ගම්පහ පොලිස් ස්ථානය:
2020.01.13 - මුදල් ආරාවුලක් සම්බන්ධයෙන් අංක 118 වරපලාන, උඩුතුත්තිරිපිටිය ලිපිනයේ පදිංචි විජේසිංහ ආරච්චිලාගේ නාලක ප්‍රියදර්ශන විජේසිංහ යන අය විසින් (CIB1 42/179) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කර මුදල් ගෙවීමට එකඟ වී සමථ වී ඇත. පැමිණිල්ල සමථයට පත් වූ බැවින් අධිකරණයට කරුණු වාර්තා කර නොමැත.
2010.01.22 - ගොඩනැගිල්ලක ආරාවුලක් සම්බන්ධයෙන් අංක 104 අඹන්විට, ගම්පහ ලිපිනයේ පදිංචි දුනිල් මායාදුන්න ඒකනායක යන අය විසින් (CIB 1 219/315) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විභාග කර සිවිල් නඩුවක් පවරා ගැනීමට උපදෙස් ලබා දී පැමිණිල්ල අවසන් කර ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය:
සණස චතුරස්‍රය, උසාවිය පාර, ගම්පහ ලිපිනයේ පවත්වාගෙන යන ලද Gampaha Development Company (Pvt.) Limited ආයතනය විසින් ගම්පහ, මේරි බිසෝ මාවතේ ඉදි කර ඇති වෝඩ් සිටි සාප්පු සංකීර්ණයේ කඩ කාමර මිල දී ගැනීම සඳහා ගැනුම්කරුවන්ගෙන් රුපියල් 1,129,648,528ක -රුපියල් මිලියන 1129.6ක- මුදලක් ලබාගෙන එම කඩ කාමරවල හිමිකම් ලබා දීමට කටයුතු නොකර වංචා කර ඇති බවට 2019.07.25 දිනැතිව වෝඩ් සිටි වෙළඳ සැල් හිමියන්ගේ සංගමයේ ලේකම් රංජිත් පෙරේරා සහ එම සංගමයේ සභාපති අනුර ගමිණී යන අයගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති ලිඛිත පැමිණිල්ලකට අනුව FCID 43/2019 යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 2378/21 යටතේ කරුණු වාර්තා කර විමර්ශනයක් සිදු කරනු ලබයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks