E   |     |  

 දිනය: 2026-07-07   පිළිතුර ලබා දී ඇත 

1803/2026: තැපැල් දෙපාර්තමේන්තුවට අයත් තැපැල් කාර්යාල, ඉඩම් සහ ගොඩනැඟිලි: මාතර දිස්ත්‍රික්කය

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මාතර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තැපැල් කාර්යාල, වර්ගීකරණය අනුව වෙන් වෙන් වශ‍යෙන් කවරේද;

             (ii)       එම දිස්ත්‍රික්කයේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හා ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

(iii) ඒවායේ නම් සහ පිහිටි ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල ස්ථිරව හෝ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේද;

(v) මේ වනවිටත් ඇතැම් තැපැල් කාර්යාල වසා දමා ඇති බව දන්නේද;

(vi) එසේ නම්, එයට හේතු කවරේද;

(vii) මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(viii) දිස්ත්‍රික්කයේ තැපැල් සේවාව යථා තත්ත්වයට පත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(ix) ඒ සඳහා ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අකුරැස්ස තැපැල් ස්ථානාධිපතිවරයාගේ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් වාර්තාවී තිබේද;

(ii) ඔහුට එරෙහිව සේවකයින් විරෝධතාවල නිරත වන බව දන්නේද;

(iii) ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගෙන තිබේද;

(iv) නොඑසේ නම්, ඒ මන්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-07

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)        මාතර දිස්ත්‍රික්කය තුළ,

ප්‍රධාන තැපැල් කාර්යාල 01ක්

පළමු පෙළ තැපැල් කාර්යාල 14ක් සහ

දෙවන පෙළ තැපැල් කාර්යාල 16ක් පිහිටා ඇත.

              (ii)      එම දිස්ත්‍රික්කයේ තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ‍ඇති ඉඩම් හා ගොඩනැඟිලි සංඛ්‍යාව 24කි.

             (iii)      තැපැල් කාර්යාල 24 පිහිටි ස්ථාන පහත වගුවෙහි දැක්වේ.

 

 

තැපැල් කාර්යාල

පිහිටි ස්ථානය

1.

මාතර

මාතර නගරය, මාතර

2.

දෙනියාය

දෙනියාය තැපැල් කාර්යාලය, දෙනියාය

3.

මොරවක

මොරවක තැපැල් කාර්යාලය, මොරවක

4.

අකුරැස්ස

අකුරැස්ස තැපැල් කාර්යාලය, අකුරැස්ස

5.

ඌරුගමුව

ඌරුගමුව තැපැල් කාර්යාලය, ඌරුගමුව

6.

වැලිගම

වැලිගම තැපැල් කාර්යාලය, වැලිගම

7.

දෙවිනුවර

දෙවිනුවර තැපැල් කාර්යාලය, දෙවිනුවර

8.

මිරිස්ස

මිරිස්ස තැපැල් කාර්යාලය, මිරිස්ස

9.

දික්වැල්ල

දික්වැල්ල තැපැල් කාර්යාලය, දික්වැල්ල

10.

හක්මන

හක්මන තැපැල් කාර්යාලය, හක්මන

11.

කඹුරුගමුව

කඹුරුගමුව තැපැල් කාර්යාලය, කඹුරුගමුව

12.

කෝට්ටගොඩ

කෝට්ටගොඩ තැපැල් කාර්යාලය, කෝට්ටගොඩ

13.

කඹුරුපිටිය

කඹුරුපිටිය තැපැල් කාර්යාලය, කඹුරුපිටිය

14.

කැකණදුර

කැකණදුර තැපැල් කාර්යාලය, කැකණදුර

15.

දෙයියන්දර

දෙයියන්දර තැපැල් කාර්යාලය, දෙයියන්දර

16.

කොටපොල

කොටපොල තැපැල් කාර්යාලය, කොටපොල

17.

පුහුල්වැල්ල

පුහුල්වැල්ල තැපැල් කාර්යාලය, පුහුල්වැල්ල

18.

තෙලිජ්ජවිල

තෙලිජ්ජවිල තැපැල් කාර්යාලය, තෙලිජ්ජවිල

19.

ඌරුබොක්ක

ඌරුබොක්ක තැපැල් කාර්යාලය, ඌරුබොක්ක

20.

තිහගොඩ

තිහගොඩ තැපැල් කාර්යාලය, තිහගොඩ

21.

රත්මලේ

රත්මලේ තැපැල් කාර්යාලය, රත්මලේ

22.

වලස්ගල

වලස්ගල තැපැල් කාර්යාලය, වලස්ගල

23.

වැලිපිටිය

වැලිපිටිය තැපැල් කාර්යාලය, වැලිපිටිය

24.

මාකඳුර

මාකඳුර තැපැල් කාර්යාලය, මාකඳුර

 

(iv) තැපැල් කාර්යාල වසා දැමීමට තීරණය කර නැත.

(v) අදාළ නොවේ.

(vi) අදාළ නොවේ.

(vii) අදාළ නොවේ.

අප මාතර දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල තාවකාලික හෝ ස්ථිර පදනමින් වසා දමා නැති නිසයි "අදාළ නොවේ" කියන්නේ.

(viii) ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.

(ix) ඒ ඒ වැඩසටහන දියත් වන ආකාරය අනුව ඒ සඳහා ගත වන කාලය වෙනස් වෙනවා, ගරු කථානායකතුමනි. තැපැල් කාර්යාල නවීකරණය, ඒ කාර්යාලවලට අවශ්‍ය කරන ටැබ්, ලැප්ටොප් ඇතුළු උපකරණ ලබා දීම, කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, වාහන ලබා දීම යනාදි කටයුතු ක්‍රමානුකූලව සිදු වෙමින් පවතිනවා.

(ආ) (i) අකුරැස්ස තැපැල් ස්ථානාධිපතිවරයාගේ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය සිදු කොට අවසන් කර තිබෙනවා. 

(ii) නිර්නාමික පෙත්සම් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි ඉහත කී විමර්ශනය සිදු කර තිබෙන්නේ.

(iii) එම විමර්ශනයේදී අක්‍රමිකතාවක් අනාවරණය වෙලා නැහැ. තවත් පැමිණිලි ලැබෙනවා නම්, ඒ ගැන විමර්ශනය කරන්න පුළුවන්.

(iv) අදාළ නොවේ.

 

 

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-07-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks