පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බී. ආරියවංශ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති දෙමළ මාධ්‍ය පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල නම් කවරේද;
(iii) එම පාසල්වල ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම පුරප්පාඩු පිරවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-08
අසන ලද්දේ
ගරු බී.ආරියවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික පාසල් - 04
පළාත් පාසල් - 104
(ii) ජාතික පාසල්
ර/ෆර්ගියුසන් උසස් විද්‍යාලය (සිංහල/දෙමළ/ඉංග්‍රීසි මාධ්‍ය)
ර/ජේසු බිලින්දාගේ කන්‍යාරාමය (සිංහල/දෙමළ/ඉංග්‍රීසි මාධ්‍ය)
ර/බලංගොඩ ජෙයිලනි මුස්ලිම් මහා විද්‍යාලය (දෙමළ/ ඉංග්‍රීසි මාධ්‍ය)
රක්වාන ශාන්ත ජෝන් දෙමළ ජාතික පාසල (දෙමළ මාධ්‍ය පමණි)
පළාත් පාසල්වල නම් ඇමුණුම 01** මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) ජාතික පාසල්වල ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම 02
පළාත් පාසල්වල ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03** මඟින් ඉදිරිපත් කර ඇත.
(iv) අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ 6/2021ට අනුව ඉහත පාසල්හි අනුමත ගුරුවරුන් සංඛ්‍යාව හා ඉහත (අ)(iii)හි දක්වන ලද පුරප්පාඩු ප්‍රමාණය පහත පරිදි වන අතර ඌන අතිරික්ත ලේඛනය ඇමුණුම 04** ලෙස ඉදිරිපත් කරමි. ඒ අනුව, දැනට සේවයේ නිරත ගුරුවරුන් අනුව ඇතැම් විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවත් ඇතැම් විෂයයන් සඳහා ගුරු අතිරික්තයක් පවතින බවත් නිරීක්ෂණය වේ.
|
අනු අංකය |
පාසල |
අනුමත සංඛ්‍යාව |
පුරප්පාඩු |
|
01 |
ර/ෆර්ගියුසන් උසස් විද්‍යාලය |
|
|
|
02 |
ර/ජේසු බිලින්දාගේ කන්‍යාරාමය |
94 |
5 |
|
03 |
රක්වාන ශාන්ත ජෝන් දෙමළ ජාතික පාසල |
62 |
21 |
|
04 |
ර/බලංගොඩ ජෙයිලානි මහා විද්‍යාලය |
70 |
23 |
එනමුත් දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් හා අනෙකුත් උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය හා අංක 2476/18 හා 2026.02.18 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් සංශෝධනය කරන ලද අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මේ වන විට අයදුම්පත් කැඳවා විභාගය පවත්වා ඇත. ඒ අනුව, එකී ගැසට් නිවේදනය ප්‍රකාරව ගුරු සේවයේ පුරප්පාඩු සඳහා මෙම වර්ෂය තුළ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇති අතර සබරගමු පළාතෙහි සියලුම පළාත් පාසල් සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් ගුරු පුරප්පාඩු 1,997ක් සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇත. ඒ සමඟ ජාතික පාසල් සඳහා ද එකී කමිටුව මඟින් ලබා දී ඇති අනුමැතිය අනුව සබරගමු පළාත තුළ පවතින දෙමළ මාධ්‍ය ජාතික පාසල් සඳහා ද 2025.06.30 දිනට පැවැති පුරප්පාඩු අනුව ඉහත (iii) යටතේ දක්වන ලද පුරප්පාඩු 49 අතුරින් 2025.06.30 දිනට පැවැති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නියමිතය.
එමෙන්ම, 2022-2024 කණ්ඩායමේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් එම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම මත ජාතික හා පළාත් පාසල්හි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(අ) ශ්‍රේණියේ පවතින ගුරු පුරප්පාඩු සඳහා 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළ ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇත. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි 2026 වසරේ අවසන් විභාගයට පෙනී සිටීමට නියමිත සමස්ත සිසුන් 6,139 අතුරින් 37දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය පාසල් සඳහා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා වන අවසන් විභාගයට පෙනී සිටීමට නියමිතය. ඔවුන් අතුරින් සාර්ථකව ඩිප්ලෝමාව සම්පූර්ණ කරනු ලබන ඩිප්ලෝමාධාරින් ඉදිරියේදී බඳවා ගැනීමට නියමිතය.
ඒ අනුව, උක්ත බඳවාගැනීම් මඟින් හා ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත ගුරු තුලනය මඟින් මෙම පාසලෙහි ගුරු සේවයේ පවතින පුරප්පාඩු 2027 වර්ෂයේ මුල් කාර්තුව වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks