05

E   |     |  

 දිනය: 2026-01-23   පිළිතුර ලබා දී ඇත 

1784/2026: ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සේවය: වර්තමාන තත්ත්වය

----

අසන ලද දිනය

2026-01-23

අසන ලද්දේ

ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      නැත.

                        ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ තාක්ෂණ නිලධාරින්ගේ සේවයක් ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා 1999.10.01 දින සිට ක්‍රියාත්මකව පැවතියද, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 30 ක්‍රියාත්මක වීමත් සමඟ 2006.01.01 දින සිට අහෝසි වී ඇත.

              (ii)      ඉහත සඳහන් කළ පරිදි ස්ථීර සේවකයින් සඳහා තාක්ෂණ සේවයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ ක්‍රියාත්මක නොවන බැවින් එම සේවය යටතේ සේවය කරනු ලබන තාක්ෂණ නිලධාරින් නොමැත.

1999.10.01 දින සිට ක්‍රියාත්මකව පැවති ඒකාබද්ධ තාක්ෂණ නිලධාරින්ගේ සේවය යටතේ සේවය කළ ස්ථීර කාර්ය මණ්ඩලය කළමනාකරණ සේවා චක්‍රලේඛ 30හි විධිවිධාන ප්‍රකාරව ප්‍රතිව්‍යුහගතකරණය කර ඇති අතර, ඒ අනුව 2025.11.30 දිනට සේවයේ නියුතුව සිටින තාක්ෂණික කාර්ය මණ්ඩල (කොන්ත්‍රාත්/දෛනික කාර්ය මණ්ඩලයද ඇතුළුව) 412කි.

(iii) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ කාර්ය මණ්ඩලය විසින් රාජකාරි සඳහා ගමන් කරනු ලබන කිලෝමීටර් ගණන් සඳහා ගමන් වියදම් දීමනාවක් ගෙවනු නොලැබේ.

(iv) තාක්ෂණ සහකාර, ඉංජිනේරු සහකාර, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර රාජකාරිවල නියුක්ත කාර්ය මණ්ඩලය සඳහා ක්ෂේත්‍ර රාජකාරිවලට අදාළව මාසිකව දින 05ක උපරිමයකට යටත්ව සංයුක්ත දීමනාව ගෙවීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත.

(v) මෙම සංයුක්ත දීමනාව සඳහා එක් දිනකට ගෙවනු ලබන මුදල සම්බන්ධයෙන් අවසන් වරට උපදෙස් ලැබී ඇත්තේ 2025.03.25 දිනැති කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025හි 20වන පරිච්ඡේදය මඟින් බැවින් සංයුක්ත දීමනාව වශයෙන් ගෙවනු ලබන මුදල අනුමත කළ දිනය වශයෙන් චක්‍රලේඛය නිකුත් කරන ලද 2025.03.25 දිනය සැලකේ.

(vi) ඔව්. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව උසස්වීම් කාර්ය පටිපාටිය යාවත්කාලීන කිරීම සඳහා කටයුතු කරගෙන යනු ලැබේ.

(ආ) (i) භාණ්ඩාගාර අරමුදලින් සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් වූ මුදල රුපියල් මිලියන 12,128.0කි.

2026 වර්ෂයේ සංවර්ධන වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත සමස්ත මුදල රුපියල් මිලියන 17,137.4කි.

(ii) ඔව්.  ප්‍රමාණවත් වේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks