E   |     |  

 දිනය: 2026-03-18   පිළිතුර ලබා දී ඇත 

1771/2026: ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති: මඩකලපුව, මුරුත්තානෛ ග්‍රා.නි. කොට්ඨාසය

1771/2025

ගරු සුනිල් රත්නසිරි මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය මඟින් මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලෛයිපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාසයට අයත් මුරුත්තානෛ ග්‍රාම නිලධාරි වසමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේද;

(ii) එසේ නම්, ඒවා කවරේද;

(iii) එම ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුළු මුදල කොපමණද;

(iv) මේ වනවිට එම ව්‍යාපෘතිවල ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-03-18

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

         (ii)      මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු/ආයතන තුනක් මඟින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

1.      ප්‍රතිලාභී පවුල් 273ක පුද්ගලයන් 909කට අදාළ සමාජයීය ගැටලු විසඳීම සඳහා එක්දින ජංගම ‍සේවයක් පැවැත්වීම

2. මිනුමිනිත්තවේලි සහ අකුරනෙයි ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රම දෙකක්

3. ප්‍රදේශයේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට වැසිකිළි 150ක් ඉදි කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති

4. ඒ ගමේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා නව නිවාස 8ක් ඉදිකිරීම

5. සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම

6. කල්ලාඩිවෙඩ්ඩෛ ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කිරීම 

7. අකුරනෙයි ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කිරීම

8. මිනුමිනිත්තවේලි ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කිරීම

9. අකුරනෙයි-මුරුත්තානෛ පාරේ බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම

10. මුරුත්තානෛ ප්‍රධාන පාර කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කිරීම

(iii) ඒ සඳහා රුපියල් 51,677,296.34ක් වැය වෙලා තිබෙනවා.

(iv)

නිවාස සංවර්ධන වැඩසටහන

ව්‍යාපෘතිය

වෙන් කළ ප්‍රතිපාදන

මූල්‍ය ප්‍රගතිය

රු.

භෞතික ප්‍රගතිය

නිවාස ඉදිකිරීම් 08

7,500,000.00

4,400,000.00

55%

 

(ආ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2026-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks