පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1760/2025
ගරු තිළිණ සමරකෝන් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට 2019 දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපෘති සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආධාර සහ ණය ලෙස ලබාදුන් මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ව්‍යාපෘති සඳහා තෝරාගනු ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ ඔවුන් තෝරා ගනු ලැබූ ක්‍රමවේදය කවරේද;
(iv) එම ව්‍යාපෘති මඟින් ඉදිකිරීමට අපේක්ෂා කරන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත නිවාස අතරින් මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව එක් එක් ව්‍යාපෘතිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) නිවාස ඉදිකර අවසන් නොමැති නම්, ඊට හේතු කවරේද;
(vii) නිවාස ව්‍යාපෘති සඳහා යොදාගත් ඉඩම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-22
අසන ලද්දේ
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිවාස ව්‍යාපෘති - ණය යටතේ : 51
මුදල් ආධාර යටතේ : 13
(ii) ණය: රුපියල් මිලියන 470.74
ආධාර: රුපියල් මිලියන 82.40
(iii) අදාළ බල ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයක් මඟින් ප්‍රතිලාභින් තෝරා ගන්නා ලදී.
ණය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් : 1,277
ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් : 332
(iv) නිවාස සංඛ්‍යාව 1,556කි. (ණය යටතේ 1,277 + ආධාර යටතේ 279)
(v) ඉහත නිවාස අතරින් මේ වන විට ඉදි කිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව එක් එක් ව්‍යාපෘතිය අනුව වෙන් වෙන් වශයෙන් පහත වගුවෙහි දැක්වේ.
|
අනු අංකය |
ණය/ආධාර |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ව්‍යාපෘතියේ නම |
වැඩ අවසන් නිවාස ගණන |
|
1 |
ණය |
තිරප්පනේ |
දෙමටෑගම |
24 |
|
2 |
|
තලාව |
දෙවනපෑතිස්ගම |
26 |
|
3 |
|
කහටගස්දිගිලිය |
ධර්මාභිවන්දනාගම |
56 |
|
4 |
|
රාජාංගනය |
යාය 06, (අසේල නිරිඳුගම) |
25 |
|
5 |
|
පලුගස්වැව |
නවතිස් සමරුගම |
25 |
|
6 |
|
මැදවච්චිය |
තුරුණුගම |
16 |
|
7 |
|
නැඟෙනහිර නුවරගම් පළාත |
ශ්‍රී විභූතිගම |
29 |
|
8 |
|
නැඟෙනහිර නුවරගම් පළාත |
ජන්ම සමරුගම |
33 |
|
9 |
|
නැඟෙනහිර නුවරගම් පළාත |
ජන්ම අභිමානිගම |
39 |
|
10 |
|
නැඟෙනහිර නුවරගම් පළාත |
සලදිනුගම |
25 |
|
11 |
|
කැබිතිගොල්ලෑව |
ජයන්තුගම |
18 |
|
12 |
|
ඉපලෝගම |
මානෑව |
25 |
|
13 |
|
තලාව |
දේවානම්පියතිස්සගම |
26 |
|
14 |
|
තලාව |
ගිරාඹේ ආනන්දගම |
27 |
|
15 |
|
තලාව |
මොරගොඩ |
24 |
|
16 |
|
පලාගල |
කරුණාඨාභරනගම |
27 |
|
17 |
|
පලාගල |
නෙල්ලිගම |
33 |
|
18 |
|
පලාගල |
උරුලෑව |
22 |
|
19 |
|
රඹෑව |
වනමල්ගොල්ලෑව |
48 |
|
20 |
|
රඹෑව |
වනමල්ගොල්ලෑව |
20 |
|
21 |
|
රඹෑව |
වනමල්ගොල්ලෑව |
40 |
|
22 |
|
රඹෑව |
පණ්ඩුකාභයපුර |
27 |
|
23 |
|
නොච්චියාගම |
කොකුන්නෑව |
16 |
|
24 |
|
නොච්චියාගම |
කුසුම්පුර |
21 |
|
25 |
|
නොච්චියාගම |
කුසුම්පුර |
31 |
|
26 |
|
නැඟෙනහිර නුවරගම් පළාත |
අභයරාජගම |
23 |
|
27 |
|
කැකිරාව |
හිරුකිරණගම |
25 |
|
28 |
|
කැකිරාව |
දිවිදිනුගම |
25 |
|
29 |
|
පදවිය |
අලුත්හල්මිල්ලෑව |
26 |
|
30 |
|
පදවිය |
රන්මලී |
27 |
|
31 |
|
ගල්නෑව |
අඹගම්මානය |
22 |
|
32 |
|
තඹුත්තේගම |
මකුලෑව |
19 |
|
එකතුව |
870 |
|||
|
1 |
ආධාර |
ගල්නෑව |
අලිවංගුව |
28 |
|
2 |
|
කහටගස්දිගිලිය |
රත්මල්ගහවැව |
25 |
|
3 |
|
කැබිතිගොල්ලෑව |
ඩී.එම්. අමරතුංගගම |
25 |
|
4 |
|
මධ්‍යම නුවරගම් පළාත |
ප්‍රභාෂණගම |
25 |
|
එකතුව |
103 |
|||
ඒ අනුව නිවාස 1,556න් නිවාස 973ක වැඩ අවසන් කර තිබෙනවා. නිවාස 583ක වැඩ අවසන් වෙලා නැහැ.
(vi) මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම සහ රජය වෙනස්වීම මත දේශපාලන නායකත්වයේ ප්‍රතිපත්ති වෙනස්වීම හා තෝරා ගත් ප්‍රතිලාභීන්ගේ ගැටලු ආදි කාරණා නිසා එම නිවාස ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න බැරි වුණු බව තමයි නිවාස සංවර්ධන අධිකාරියෙන් වාර්තා කර තිබෙන්නේ.
(vii) · ඇතැම් නිවාස ව්‍යාපෘති වනජීවී, වන සංරක්ෂණ කලාප තුළ පිහිටීම නිසා අදාළ අනුමැතිය ලබා ගැනීමට තවමත් නොහැකි වීම
· යෝජිත ව්‍යාපෘති බොහොමයක් සඳහා මාර්ග, ජලය සහ විදුලිය වැනි පොදු පහසුකම් නොමැති වීම ගැටලුවක් වී තිබීම
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks