පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2026-01-22
අසන ලද්දේ
ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සත්ව ගොවිපළ ආරම්භ කිරීම සඳහා මූලික පාරිසරික පරීක්ෂණ ක්‍රියාවලිය (IEE) හරහා අංක CEA/CPO/NW/OTHER/125/16 දරන 2016.11.16 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දී ඇත.
අංක 2265/18 දරන ගැසට් නිවේදනයට අනුව මෙම ගොවිපළ සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගත යුතු ක්‍රියාකාරකමක් වේ. මෙම ගොවිපළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින බැවින්, ඒ සඳහා පරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාවට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.
(ii) එම ගොවිපළ සඳහා IEE අනුමැතිය ලබා දීමේදී පහත කොන්දේසිවලට යටත්ව අනුමැතිය ලබා දී ඇත.
අපජලය
අපජලය (දියරමය සත්ව අපදියර හා ගව මුත්‍රා) ජීවවායු ඒකකයක් වෙත යොමු කිරීමටත්, ජීවවායු ඒකකයෙන් ජනනය වන අපවහන දියර (effluent) අපජල ප්‍රතිකර්ම පද්ධතියක් හරහා පිරිපහදු කිරීම සහ සතුන් සේදීමේදී හා නැහැවීමේදී නිකුත් වන අපජල උරා ගැනීමේ වළක් වෙත යොමු කිරීම.
ඝන අපදියර
කොම්පෝස්ට්කරණය මඟින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය.
(iii) මධ්‍යම පරිසර අධිකාරියේ අංක CE/NW/PAW/08/BOI/80/2021 දරන 2022.01.31 දිනැති එකඟතා (concurrence) ලිපිය අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් අංක CE/NW/PAW/B 22/LE-1991/23 දරන 2023.02.03 දිනැති 2023.01.31 දින සිට 2024.01.30 දින දක්වා වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රය - EPL - අවසන් වරට නිකුත් කර ඇත. මේ වන විට අපජලය හා ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත එකඟතාව ලබා දී නොමැති බැවින්, පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කර නොමැත.
(iv) මෙම ගොවිපළ සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් පසු විපරම් කිරීම සහ අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරයි.
(v) එනම්, මෙම ගොවිපළේ අපජලය කෙසෙල්ගමු ඔයට මුසු වන බවට සඳහන් 2024.01.08 දිනැති පුවත් පත් දැන්වීම අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාල නිලධාරින් විසින් 2024.01.18 දින සිදු කරනු ලැබ ඇති ක්ෂේත්‍ර පරීක්ෂණයේ නිරීක්ෂණ අනුව අපජලය බාහිර පරිසරයට මුසු වීමේ හැකියාවක් පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇත.
(vi) ඉහත v හි නිරීක්ෂණ අනුව මේ බව මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය මඟින් අංක CE/NW/PAW/08/BOI/80/2021 දරන 2024.01.31 දිනැති ලිපිය මඟින් BOI වෙත දන්වා ඇත.
තවද, මෙම ගොවිපළට අදාළව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්, BoI හි ඉහළ කළමනාකාරිත්වය සමඟ 2026.01.08 දින සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ අනුව, මෙම ගොවිපළෙන් සිදුවන පාරිසරික දූෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා පහත තීරණ ගන්නා ලදී.
1. ආයෝජන මණ්ඩලය විසින් අදාළ පාරිසරික දූෂණ පාලනය සඳහා උපදෙස් ලබා දීම.
2. ආයෝජන මණ්ඩලය මඟින්, විධිමත් පසුවිපරම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරි සැලැස්මක් ගොවිපළ කළමනාකාරිත්වය වෙතින් ලබා ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම.
3. කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව ගොවිපළවල් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණ ආයෝජන මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව සිදුකොට ජල සාම්පල ලබා ගැනීම සහ පවතින පාරිසරික දූෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා පියවර ගැනීම.
4. ඉහත අංක 2 හි සඳහන් ක්‍රියාකාරි සැලැස්මට අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමට ක්‍රියාත්මක වීම ආයෝජන මණ්ඩලය විසින් සිදු කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks