E   |     |  

 දිනය: 2026-01-23   පිළිතුර ලබා දී ඇත 

1738/2026: වතු ප්‍රදේශවල සමුපකාර අළෙවිසැල්: බදුල්ල දිස්ත්‍රික්කය

1738/2025

ගරු කිට්නන් සෙල්වරාජ් මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)   බදුල්ල දිස්ත්‍රික්කයේ —

      (i)    සමුපකාර අලෙවිසැල් සංඛ්‍යාව;

           (ii)    වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන සමුපකාර අලෙවිසැල් සංඛ්‍යාව;

(iii) පසුගිය වසර 10 තුළ වැසී ගිය සමුපකාර අලෙවිසැල් සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වතු ආශ්‍රිතව නිවාස ඉදිකිරීම සහ ණය ලබාදීම සඳහා සමුපකාර සංගම් ඇති බව  දන්නේද;

(ii) එසේ නම්, බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන සමුපකාර සංගම් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-01-23

අසන ලද්දේ

ගරු කිට්නන් සෙල්වරාජ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      බදුල්ල දිස්ත්‍රික්කය.

               (i)      සමුපකාර අළෙවිසැල් සංඛ්‍යාව - 2026.01.01 දිනට

 

අ.අ

විස්තරය

සමුපකාර අළෙවිසැල් ප්‍රමාණය

1

සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මක

49

2

සීමාසහිත වතු සේවක නිවාස සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මක

04

3

සීමාසහිත වතු සේවක කඩ සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මක

05

එකතුව

58

 

(ii) වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන සමුපකාර අළෙවිසැල් සංඛ්‍යාව - 2026.01.01 දිනට,

 

අ.අ

විස්තරය

සමුපකාර අළෙවිසැල් ප්‍රමාණය

1

සීමාසහිත වතු සේවක නිවාස සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මක

04

2

සීමාසහිත වතු සේවක කඩ සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මක

05

එකතුව

09

 

(iii) පසුගිය වසර 10 තුළ වැසී ගිය සමුපකාර අළෙවිසැල් සංඛ්‍යාව - (2015 සිට 2025 දක්වා)

 

අ.අ

විස්තරය

සමුපකාර අළෙවිසැල් ප්‍රමාණය

1

සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මකව තිබුණු

168

2

සීමාසහිත වතු සේවක නිවාස සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මකව තිබුණු

  11

3

සීමාසහිත වතු සේවක කඩ සමුපකාර සමිති මඟින් ක්‍රියාත්මකව තිබුණු

   01

එකතුව

180

 

(ආ) (i) වතු ආශ්‍රිතව නිවාස ඉදිකිරීම සහ ණය ලබාදීම සඳහා සමුපකාර සංගම් ලියාපදිංචි කර නොමැති අතර, වතු ආශ්‍රිතව සේවය කරන සේවකයින්ට ණය ලබාදීම සහ පාරිභෝගික භාණ්ඩ හා ද්‍රව්‍ය අළෙවි කිරීමට වතු සේවක සමුපකාර සමිති කටයුතු කරයි.

(ii) වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන සමුපකාර සංගම් නොමැත. නමුත්, බදුල්ල දිස්ත්‍රික්කය තුළ වතු කඩ සමුපකාර සමිති 3ක් සහ වතු නිවාස සමුපකාර සමිති 63ක් ක්‍රියාත්මක වේ.

(ඇ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු උපාලි සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks