පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2026-01-22
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 1973.
(ii) කජු සංස්ථාව පිහිටුවීමේ පොදු පරමාර්ථ:
රාජ්‍ය කෘෂි කාර්මික සංස්ථා පනතේ පළමුවන උපලේඛනය අනුව කජු සංස්ථාව පිහිටුවීමේ පරමාර්ථයන්:
(අ) කජු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අළෙවි කිරීම, කජු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අළෙවි කිරීම සම්බන්ධ සැලසුම් පිළියෙළ කිරීම හා ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යවරයාට උපදෙස් දීම;
(ආ) කජු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අළෙවි කිරීම, කජු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අළෙවි කිරීම පිළිබඳ කටයුතු භාර ගැනීම;
(ඇ) කජු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අළෙවි කිරීම, කජු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අළෙවි කිරීම දියුණු කිරීමේ පරමාර්ථයෙන් විමර්ශන හා පර්යේෂණ කටයුතු භාර ගැනීම;
(ඈ) කජු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අළෙවි කිරීම, කජු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අළෙවි කිරීම පිළිබඳ තාක්ෂණික, අළෙවි හා වෙනත් තොරතුරු රැස් කිරීම, පිළියෙළ කිරීම, ප්‍රසිද්ධ කිරීම, බෙදා හැරීම භාර ගැනීම සහ ඒ කටයුතුවලදී අන් අය සමඟ එක්ව ක්‍රියා කිරීම;
(ඉ) කජු සහ කජු නිෂ්පාදන පිරිසැකසුම් කිරීම සඳහා පිහිටුවනු ලබන කර්මාන්තශාලා පිහිටුවිය යුතු ස්ථාන, ඒවායේ ප්‍රමාණය හා තාක්ෂණික ප්‍රමිති නිශ්චය කිරීම සහ අලුත් කර්මාන්තශාලා පිහිටුවීමත් අවශ්‍ය අවස්ථාවලදී එවකට පවතින කර්මාන්තශාලා ක්‍රියා කරවීමත්;
(ඊ) කජු සහ කජු නිෂ්පාදන මිලට ගැනීම, බෙදා හැරීම, විකිණීම සහ අපනයනය කිරීම;
(උ) කජු වගා කිරීම, පිරිසැකසුම් කිරීම හා අළෙවි කිරීම, කජු නිෂ්පාදනය, පිරිසැකසුම් කිරීම සහ අළෙවි කිරීම පිළිබඳ වැඩ කරගෙන යාම සඳහා අවශ්‍ය තැනැත්තන් පුහුණු කිරීම පිණිස පහසුකම් සැපයීම;
(ඌ) කජු වගාවන්, පිරිසැකසුම් කිරීමේ පහසුකම් සහ අළෙවි කිරීම දියුණු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය මූලික සංවිධානය පිහිටුවීම සහ එම සංවිධාන පිහිටුවීමට ආධාර දීම; සහ
(එ) කජු නිෂ්පාදන ප්‍රචාරය කිරීම හා විකිණීම සඳහා අවශ්‍ය යැයි සලකනු ලබන පියවර ගැනීම, ලෝකයේ වෙළෙඳ පොළවල්වල ඒ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම සහ ඒ කාර්යය සඳහා හෝ ඊට සම්බන්ධ ආනුෂංගික කාර්යයන් සඳහා ප්‍රචාරක කටයුතුවලට මුදල් යෙදවීම, ඒ කටයුතු අනුපාලනය කිරීම සහ ඒ කටයුතුවලට ආධාර දීම ආරම්භ කොට ඊට අනුග්‍රහය දැක්වීම.
(iii) 2024 වර්ෂය වනවිට අක්කර 38,895කි.
(ආ) (i)
|
වර්ෂය |
කජු අස්වැන්න (මෙට්‍රික් ටොන්) |
අවශ්‍යතාව |
|
2020 |
26,784 |
ඇස්තමේන්තුගත වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 25,000කි. |
|
2021 |
8,225 |
|
|
2022 |
14,730 |
|
|
2023 |
13,014 |
|
|
2024 |
14,007 |
|
|
2025 |
දත්ත තවම ලැබී නොමැත. |
|
(ii)
|
වර්ෂය |
කජු මද ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
විදේශ විනිමය (රුපියල් මිලියන) |
|
2020 |
34.31 |
81.13 |
|
2021 |
26.26 |
89.07 |
|
2022 |
58.20 |
212.83 |
|
2023 |
68.34 |
311.08 |
|
2024 |
104.79 |
303.12 |
|
2025 |
දත්ත තවම ලැබී නොමැත |
දත්ත තවම ලැබී නොමැත |
(iii) ඔව්.
|
වර්ෂය |
ලෙලි කජු ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
විදේශ විනිමය (රුපියල් මිලියන) |
|
2020 |
549.20 |
139.88 |
|
2021 |
0.05 |
0.01 |
|
2022 |
207.57 |
86.07 |
|
2023 |
- |
- |
|
2024 |
3,192.98 |
1134.93 |
|
2025 |
දත්ත තවම ලැබී නොමැත |
දත්ත තවම ලැබී නොමැත |
ඉහත ලැයිස්තුවේ නම් සඳහන් ආනයනකරුවන්ගෙන් කිහිප දෙනෙකුට අමතරව පහත නම් සඳහන් ආනයනකරුවන් වෙතද 2025 වර්ෂයේදී ලෙලි කජු ආනයනය කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් අනුමැති ලිපි නිකුත් කරන ලදී.
|
අනු අංකය |
ආනයනකරුගේ නම |
|
01 |
Varnisa Imports (Pvt.) Ltd. |
|
02 |
Ivory Cashew Products (Pvt.) Ltd. |
|
03 |
Wilpotha Agri Business (Pvt.) Ltd. |
|
04 |
Wijaya Kaju Mada Nishpadanaya |
|
05 |
New Peoples Cashew Nuts |
|
06 |
Lanka Guardian Commodities Exports (Pvt.) Ltd. |
|
07 |
S F Agro International (Pvt.) Ltd. |
|
08 |
නෙත් කජු මද නිෂ්පාදන |
|
09 |
S&U Special Cashew Nuts |
|
10 |
උදය කජු ආයතනය |
|
11 |
සමාධි කජු නිෂ්පාදන |
|
12 |
යසංස කජු ව්‍යාපාරය |
|
13 |
Lanka Organic Foods Exports Imports (Pvt.) Ltd. |
|
14 |
Ingredient House (Pvt.) Ltd. |
(ii) ඔව්.
i. කජු වගාව ව්‍යාප්ත කිරීම සඳහා කජු පොකුරු ගම්මාන ව්‍යාපෘතිය මඟින් භාණ්ඩාගාර ප්‍රතිපාදන ලබා දෙමින් කජු නිෂ්පාදකයා කජු වගාව සඳහා දිරිගැන්වීම.
ii. දේශීයව ලෙලි කජු හා කජු මද හිඟ අවස්ථාවලදී පමණක් කජු ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම මඟින් දේශීය කජු නිෂ්පාදකයා සහ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමට පියවර ගැනීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks