04

E   |     |  

 දිනය: 2026-02-18   පිළිතුර ලබා දී ඇත 

1720/2026: කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිලි: විසඳීම

----

අසන ලද දිනය

2026-02-18

අසන ලද්දේ

ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)          2025 වර්ෂයේදී කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වූ පැමිණිලි විසඳීම සඳහා ගත වූ කාලය පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.

  • මාසයට අඩු කාලයක්   =                  8.14

තුළ විසඳූ ප්‍රතිශතය             

  • මාස 1 - 3 අතර කාලයක්   =                  36.72

තුළ විසඳූ ප්‍රතිශතය

  • · මාස 3 - 6 අතර කාලයක් =  39.24

තුළ විසඳූ ප්‍රතිශතය

  • · මාස 6 - 12 අතර කාලයක් =  15.78

තුළ විසඳූ ප්‍රතිශතය

  • · මාස 12ට වැඩි කාලයක් =  0.12

තුළ විසඳූ ප්‍රතිශතය

යම් පැමිණිල්ලක් සම්බන්ධයෙන් නඩු පැවරීමට සිදු වුවහොත් ගත වන කාලය මෙම කාලයට අමතර වශයෙන් ඇතුළත් විය යුතුය. නඩු පැවරීමෙන් අනතුරුව විවිධ හේතු මත නඩු කටයුතු ප්‍රමාද වන අතර, එය මෙම දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොර හේතු මත සිදු වන ප්‍රමාදයන් වේ. 2025.09.11 දින වනවිට පැවති එවැනි නඩු ප්‍රමාණය 23,429කි.

(ii) · 2025.01.01 දිනට ඉතිරිව 11,071

තිබූ පැමිණිලි ගණන

  • · 2025 වර්ෂය තුළ ලද 16,762

පැමිණිලි ගණන

  • · 2025 වර්ෂය තුළ විසඳූ 18,708

පැමිණිලි ගණන

  • · 2025.12.31 දිනට නොවිසඳී 9,125

ඉතිරි වූ පැමිණිලි ගණන

(iii) ඔව්.

(iv) Ø කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම හා භෞතික සම්පත් ලබා දීම

කම්කරු දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් පුරා අවශ්ය භෞතික හා මානව සම්පත්වල හිඟයක් පැවතීම කම්කරු පැමිණිලි කඩිනමින් විසඳීම සඳහා බාධාකාරී සාධකයන් ලෙස පවතී. 2025 හා 2026 වසරවල කාර්ය මණ්ඩල පුරප්පාඩු 582ක් පැවති අතර, ඉන් 142ක ප්රමාණයක් පිරවීමට හැකි වී ඇති අතර, අවශ්ය පරිගණක ආදී භෞතික සම්පත් ලබා දීමට කටයුතු කර ඇත.

පසුගිය සඳුදා දිනත් නවක කම්කරු නිලධාරින් 36දෙනෙකුට අපි පත්වීම් ලබා දුන්නා, ගරු කථානායකතුමනි. 57කට පත්වීම් ලබා දීමට කැඳවා තිබුණත් 36ක් තමයි වැඩ භාර ගත්තේ.

නවක නිලධාරින් පුහුණු කර අනුයුක්ත කිරීම තුළින් හා දැනට සිටින කාර්ය මණ්ඩලය පුහුණු කිරීම තුළින් පැමිණිලි කඩිනමින් විසඳීමට අපේක්ෂා කෙරේ.

2025 වසර තුළ අපි පුහුණු වැඩසටහන් රැසක් දියත් කළා, කම්කරු නිලධාරින් හා අනෙකුත් නිලධාරින් පදනම් කරගෙන. මේ වසරේදීත් අපි පළාත් මට්ටමින් මේ අය පුහුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කරලා තිබෙනවා.

Ø දෙපාර්තමේන්තු කටයුතු ඩිජිටල්කරණය කිරීම

මේ තුළින් එක් එක් නිලධාරි මට්ටමින් පැමිණිලි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිශ්චිත ඉලක්ක ලබා දීමටත්, මෙම ඉලක්ක තුළ සිදු නොකෙරුණු පැමිණිලි පිළිබඳව අධීක්ෂණය කිරීමටත් ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇත.

Ø සුනිසි වැඩ පරිසරයක් - decent work environment - නිර්මාණය කිරීම

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයෙන් සිදු කරන සමාජ කතිකාව - social dialogue - වැඩසටහන තුළින් ද සේව්‍ය - සේවක දෙපාර්ශ්වයන් සඳහා ගැටලුවලට අදාළ තීරණ ගැනීමේ දී පුළුල් සමාජ සාධාරණත්ව කෝණයකින් එම ගැටලු දෙස අවධානය යොමු කර තීරණවලට එළඹීමට දැනුවත් කිරීම් හා සහයෝගයන් ලබා දී එමඟින් පැමිණිලි ඇති වීම අවම කිරීමට කටයුතු කරනු ලැබේ.

Ø කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීතිමය රාමුව ශක්තිමත් කිරීම

යල්පැන ගිය කම්කරු නීති වර්තමාන වැඩ ලෝකයට ගැළපෙන ආකාරයට සහ පනත් අතර පවතින සංකීර්ණතා ඉවත් කර සරලකොට සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ සහතික කිරීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරමින් පවතී. එමඟින් ද පැමිණිලි ඇති වීම අවම කිරීමට අපේක්ෂා කෙරේ.

ගරු කථානායකතුමනි, අපි 17දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා, කැබිනට් අනුමැතියෙන් සහ අමාත්‍යාංශ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන්. එම කමිටුව නිරන්තර ඒකරාශී වෙමින් මේ කම්කරු නීති සංශෝධනය පිළිබඳව ඉතාම හොඳින් මැදිහත් වෙමින් තිබෙනවා.

Ø නිරන්තර අධීක්ෂණය

පැමිණිලි ඵලදායීව හා කඩිනමින් විසඳීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරවුල් විසඳීමේ ප්‍රගතිය නිරන්තර අධීක්ෂණය කරනු ලබන අතර, කලාප නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරු විසින් දිස්ත්‍රික් භාර සහකාර කම්කරු කොමසාරිස්වරු සඳහා රැස්වීම්ද, මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් ද, කාර්තුගතව රැස්වීම් ද පවත්වා පැමිණිලි පරීක්ෂණ ප්‍රගතිය සොයා බලනු ලැබේ. එසේම, කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු මාණ්ඩලික නිලධාරින් විසින් සිදු කරනු ලබන කලාප ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී පැමිණිලි පරීක්ෂණ ප්‍රගතිය ප්‍රධාන අධීක්ෂණ මාතෘකාවක් වශයෙන් සාකච්ඡාවට භාජන කරනු ලැබේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද ජයසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks