පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-12-11
අසන ලද්දේ
ගරු තනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සිවිල් පුද්ගලයන් සඳහා වගා ආරක්ෂාව, දේපළ ආරක්ෂාව, ජීවිත ආරක්ෂාව, ක්‍රීඩා කටයුතු සඳහා හා මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරි සඳහා යන අංශ යටතේ ගිනි අවි නිකුත් කිරීම සිදු කරනු ලබයි. එලෙස ගිනි අවි නිකුත් කිරීමේදී 1916 අංක 33 දරන තුවක්කු ආඥාපනත යටතේ හා 1996 අංක 22 දරන තුවක්කු ආඥාපනතේ ප්‍රතිපාදන මෙන්ම ආරක්ෂක ලේකම් විසින් නිකුත් කර ඇති 01/2025 ගිනි අවි චක්‍රලේඛය අනුව ඉහත එක් එක් කාණ්ඩ සඳහා විවිධ නිර්ණායකයන් සලකා බලනු ලබයි. ඒ අනුව අදාළ ආයතනවලින් නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගෙන ශ්‍රී ලංකා පොලීසිය හා බුද්ධි අංශ වෙතින් අදාළ ආරක්ෂක නිෂ්කාසන ලබා ගැනීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
(ii) නැත.
(iii) අදාළ නොවේ.
(iv) ඉහත (ii) පිළිතුර අනුව අදාළ නොවේ.
(v) ශ්‍රී ලංකා පොලීසිය හා රාජ්‍ය බුද්ධි ප්‍රධානි වෙතින් ආරක්ෂක නිෂ්කාසන වාර්තා කැඳවනු ලබයි.
(vi) ආරක්ෂක නිෂ්කාසන වාර්තා ලබා දීම ශ්‍රී ලංකා පොලීසිය හා රාජ්‍ය බුද්ධි ප්‍රධානි වෙතින් සිදු කරනු ලබන අතර, ඒ ඒ ආයතනයන් අනුගමනය කරනු ලබන නිශ්චිත ක්‍රමවේදය යටතේ දැනට නිෂ්කාසන වාර්තා ලබා දීම සිදු වේ.
බලපත්‍ර ලබා දෙන අංශ අනුව සමහර විට ප්‍රමාද වීම් සිදු වෙන්න පුළුවන්. ඒ වාගේම පෞද්ගලිකව ලබා දෙන ගිනි අවි සබැඳිවද ඒ, ඒ ක්‍රමවේද අනුගමනය කරනකොටත් ප්‍රමාද සිදු වෙන්න පුළුවන්.
(ආ) (i) 2025 අප්‍රේල් 01වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඒ සඳහා ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරනු ලබනවා.
විශේෂයෙන්ම 1916 අංක 33 සහ 1996 අංක 22 දරන තුවක්කු ආඥාපනතේ ප්‍රතිපාදන මේ සඳහා උපයෝගී කර ගන්නවා. 2025 අප්‍රේල් 01වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තිබෙනවා, ඒ ගිනි අවි ආඥාපනත කාලීනව සංශෝධනය කිරීම සඳහා. අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ගිනි අවි ආඥාපනත ඉදිරිපත් කරලා, නව ගිනි අවි පනතක් හඳුන්වා දීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ගිනි අවි නියාමනය සඳහා පත් කරන ලද කමිටුව අවස්ථා කිහිපයකදී රැස් වීමෙන් පසුව ගිනි අවි නියාමනය සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ලබා දීලා තිබෙනවා. එය පසුගිය වසරේ ජාතික ආරක්ෂක කවුන්සලයටත් ඉදිරිපත් කරලා ඉන් අනතුරුව නව ගිනි අවි පනතට ඇතුළත් කළ යුතු ප්‍රතිපාදන සමාලෝචනයක් සිදු කරලා තිබෙනවා. ඒ වාගේම වායු තුවක්කු නියාමනය පිළිබඳව ද වගන්ති ඇතුළත් කිරීමට යෝජනා වෙලා තිබෙනවා. එබැවින් නව යෝජනා වශයෙන් ඒ පිළිබඳ නියාමන ප්‍රතිපත්ති සකස් කරමින් පවතිනවා.
රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වන පරිදි ගිනි අවි භාවිත කිරීම ක්‍රමානුකූල හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය වන සංශෝධන ඇතුළත් කිරීම, ගිනි අවි නිකුත් කිරීම හා භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සංශෝධනය කිරීම, පනතේ දක්වා ඇති දඬුවම් හා දඩ මුදල් සංශෝධනය කිරීම, ගාස්තු සංශෝධනය කිරීම, අමාත්‍යාංශ රෙගුලාසි මඟින් සිදු කිරීම සඳහා පනත සංශෝධනය කිරීම, පොදු ස්ථානවල ගිනි අවි භාවිත කිරීම වැළැක්වීම පිළිබඳව ප්‍රතිපාදන ඇතුළත් කිරීම, ඒ වාගේම කෘෂි කාර්මික හා කෘෂි කාර්මික නොවන ලෙස කොටස් කර ඇති ගිනි අවිවල බලපත්‍ර ගාස්තු කාලීනව සංශෝධනය කිරීම, බලපත්‍රය විනාශ වූ පසු හා විරූප වූ පසු ගෙවන ගාස්තුව සංශෝධනය කිරීම, ගිනි අවියක් විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ තැබීම සඳහා අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීම, ගිනි අවි පැවරීම සඳහා වන ගාස්තුව සංශෝධනය කිරීම, ගිනි අවි අලුත්වැඩියා බලපත්‍රය සඳහා අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීම සහ මුරකරු අවසර පත්‍ර සඳහා ගාස්තුව සංශෝධනය කිරීම කියන සියලු කරුණු කාරණා ගිනි අවි ආඥාපනත සංශෝධනයේදී සැලකිල්ලට භාජන කිරීම පිළිබඳව අපි ජාතික ආරක්ෂක කවුන්සලයේදී සාකච්ඡා කළා.
(ii) 1995.10.04
(iii) 1995.10.04
(iv) 2025.04.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් 1916 අංක 33 දරන තුවක්කු ආඥාපනත පරිච්ඡින්න කර නව පනතක් සැකසීම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අතර, එහිදී දඩ මුදල්වල සංශෝධනයක් සිදු කිරීමට ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
(v) 2025 අප්‍රේල් 01 දිනැතිව අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks