පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1718/2025
ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2020 සිට මේ දක්වා සූර්ය බලශක්ති ජාල සම්බන්ධතා සඳහා යාපනය දිස්ත්‍රික්කය තුළ ඉදිරිපත් කර ඇති මුළු අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;
(ii) ජාල සම්බන්ධතා ලබාදී ඇති, අනුමත කර ඇති සහ ලබා දීමට අපේක්ෂිත තත්ත්වයේ පවතින අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;
(iii) ජාල සම්බන්ධතා ලබා දීම ප්‍රමාද වීමට හේතු සහ අපේක්ෂිත තත්ත්වයේ පවතින සම්බන්ධතා කඩිනම් කිරීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) තෝරාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරින් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ චෝදනා තිබෙන බව දන්නේද;
(ii) සාධාරණත්වය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) ස්වාධීන දුක්ගැනවිලි හැසිරවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) 2030 පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරාලීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය කවරේද;
(ii) උතුරු පළාතේ අනුමත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(iii) සූර්ය පැනල ජාල සම්බන්ධතාවලට පහසුකම් සැලසීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුව සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-11
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2026-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks