පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1701/2025
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මේ වනවිට ලියාපදිංචිවී ඇති ආයුර්වේද වෛද්‍ය නිෂ්පාදනාගාර සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) ආයුර්වේද නිෂ්පාදන නියාමනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iv) ආයුර්වේද නිෂ්පාදන පිළිබඳ අලෙවි ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍යජාලා භාවිතා කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;
(v) එසේ නම්, එම ප්‍රතිපත්තිය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ආයුර්වේද නිෂ්පාදන ලියාපදිංචි කර ඇති බවට සමාජ මාධ්‍යජාලා තුළ ප්‍රචාරණ සිදු කරන බවත්;
(ii) එම ප්‍රචාරණ මඟින් මහජනතාවගේ මුදල් වංචා කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-22
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ලියාපදිංචි වී ඇති ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර සංඛ්‍යාව 908කි.
(ii) ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iii) 2024.04.08 දිනැති අංක 2379/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියෝග (ආයතන සංග්‍රහය) අනුව ආයුර්වේද නිෂ්පාදන නියාමනය සිදු කරනු ලබයි.
(iv) අළෙවි ප්‍රචාරණ කටයුතු නියාමනය සඳහා ආයුර්වේද පනතේ විධිවිධාන පනවා ඇත.
(v) ආයුර්වේද සංග්‍රහයේ (2024) 13(ඔ) වගන්තිය පරිදි විවෘත වෙළෙඳ පොළේ විකිණීමට ඇති ප්‍රකාශිත භාණ්ඩ, ද්‍රව්‍ය හෝ ඖෂධවල මිනිස් පරිභෝජනයට අවශ්‍ය නිරුපද්‍රිත ක්‍රියාකාරිත්වය, තත්ත්වය සහ ස්ථාවරත්වය පිළිබඳව විමසීමට පියවර ගැනීමෙන් පසු, ආයුර්වේද නිෂ්පාදනාගාර, ගබඩා සහ වෙළෙඳ පොළ විමර්ශන කමිටුව විසින් කරන ලද නිර්දේශයන්ට අනුකූලව මහජන සෞඛ්‍ය සහතික කිරීම සහ එවැනි ප්‍රකාශිත භාණ්ඩයක්, ද්‍රව්‍යයක් හෝ ඖෂධයක් සම්බන්ධයෙන් පළ කරනු ලබන යම් වෙළෙඳ දැන්වීම් සඳහා පූර්ව ලිඛිත අනුමැතිය ලබා දීමට කටයුතු සලස්වා ඇත.
(ආ) (i) සමාජ මාධ්‍ය ඔස්සේ ආයුර්වේද නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රචාරණයන් සිදු වන බව නිරීක්ෂණය වී ඇත.
(ii) එම ප්‍රචාරණ මඟින් මහජනතාවගේ මුදල් වංචා කරන බවට පැමිණිලි වාර්තා වී නොමැත.
(ඇ) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන දැන්වීම් සම්බන්ධයෙන් වන යම්කිසි පැමිණිල්ලක් ලද පසු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව මඟින් ස්ථාපිත විමර්ශන කමිටු මඟින් සුදුසු විමර්ශනයක් සිදු කර, ලැබෙන නිර්දේශ අනුව එම නිෂ්පාදනයන්ට අදාළ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් සඳහා සුදුසු ක්‍රියාමාර්ග ආයුර්වේද සංග්‍රහයේ (2024) 13(ඔ) වගන්තිය පරිදි සිදු කරනු ලබයි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks