පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2803/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ටින් මාළු සැකසීම සඳහා ගාල්ලේ ආරම්භකර ඇති කර්මාන්ත ශාලාවේ,
(i) ආරම්භක දිනය කවරේද;
(ii) හිමිකාරීත්වය දරන ආයතනය කුමක්ද;
(iii) අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදනය කොපමණද;
(iv) ඇසුරුම් කිරීම සඳහා යොදාගන්නා මත්ස්‍යය වර්ගය හෝ වර්ග කවරේද;
(v) දෛනික මත්‍ස්‍යය අවශ්‍යතාව කොපමණද;
(vi) නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්න ඉහත මත්ස්‍ය වර්ගවල හෝ වර්ගයේ දේශීය දෛනික අස්වැන්න කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ටින් මාළු කර්මාන්තශාලාව සඳහා අවශ්‍ය කරන මත්ස්‍යයින් මේ වනවිට ආනයනය කරන්නේද;
(ii) නොඑසේ නම්, එසේ කිරීමට සැලසුම්කර තිබේද;
(iii) එම මත්ස්‍යයින් ආනයනය කරනු ලබන හෝ එසේ කිරීමට අපේක්ෂිත රටවල් කවරේද;
(iv) මාසිකව ආනයනය කරන හෝ ආනයනය කිරීමට බලාපොරොත්තුවන මත්ස්‍ය ප‍්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-21
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2012 අප්‍රේල් 03.
(ii) හැපිකුක් ලංකා පුද්ගලික සමාගම සහ ලංකා ධීවර සංස්ථාව - CFC - සමඟ ගිවිසුමකින් ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
(iii) ටින් ලක්ෂ 24යි.
(iv) මැකරල් (ලින්නා, කුම්බලා), අලගොඩුවා, කටුමැස්සා.
(v) කිලෝ ග්‍රෑම් 6,250යි.
(vi) නිශ්චිත නැත. (කාලීනව වෙනස් වේ.) ඇත්තටම අපි දැන් තමයි catch certificate එක සහ log books හදලා මුහුදේ අස්වැන්න තීන්දු කරන්නේ. ලබන අවුරුද්ද වෙන කොට මේ වාගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න අපට පුළුවන් වෙයි.
(ආ) (i) ඔව්.
(ii) අදාළ නොවේ.
(iii) චීනය.
(iv) මෙට්‍රික්ටොන් 150කි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks