E   |     |  

 දිනය: 2026-08-18   පිළිතුර ලබා දී ඇත 

1681/2026: Details of Postal Department

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       තැපැල් දෙපාර්තමේන්තුව පිහිටුවන ලද වර්ෂය කවරේද;

            (ii)       මේ වනවිට මෙරට පිහිටි ප්‍රධාන හා උප තැපැල් කාර්යාල සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව කොපමණද;

(iv) එම දෙපාර්තමේන්තුවේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(v) එම පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) තැපැල් සේවකයින්ට තැපැල් බෙදාහැරීම සඳහා යතුරුපැදි ලබාදිය යුතු බවට ඉල්ලීමක් පවතින බව දන්නේද;

(ii) එසේ නම්, එම ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-18

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks