පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) තැපැල් දෙපාර්තමේන්තුව පිහිටුවන ලද වර්ෂය කවරේද;
(ii) මේ වනවිට මෙරට පිහිටි ප්‍රධාන හා උප තැපැල් කාර්යාල සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව කොපමණද;
(iv) එම දෙපාර්තමේන්තුවේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(v) එම පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) තැපැල් සේවකයින්ට තැපැල් බෙදාහැරීම සඳහා යතුරුපැදි ලබාදිය යුතු බවට ඉල්ලීමක් පවතින බව දන්නේද;
(ii) එසේ නම්, එම ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-18
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1798 වර්ෂයේ.
(ii) අධි ශ්රේණි තැපැල් කාර්යාල - 52
පළමු පෙළ තැපැල් කාර්යාල - 249
දෙවන පෙළ තැපැල් කාර්යාල - 301
මුළු තැපැල් කාර්යාල සංඛ්‍යාව - 647
උප තැපැල් කාර්යාල සංඛ්‍යාව - 3,282
(iii) ස්ථිර සේවකයන් සංඛ්‍යාව - 17,830
ලියාපදිංචි ආදේශකයන් - 1,660
සංඛ්‍යාව
මුළු සේවක සංඛ්‍යාව - 19,490
(iv) ස්ථිර සේවක පුරප්පාඩු සංඛ්‍යාව - 4,753
ලියාපදිංචි ආදේශක පුරප්පාඩු - 3,128
සංඛ්‍යාව
මුළු පුරප්පාඩු සංඛ්‍යාව - 7,881
(v) • විධායක සේවා ගණයේ III ශ්රේණියේ තැපැල් අධිකාරීන් 21 දෙනෙකු (අභ්යන්තර) බඳවාගෙන ඇත.
• තැපැල් සේවා නිලධාරීන් 461 දෙනෙකු විවෘත තරග විභාගයෙන් බඳවාගෙන ඇත.
• තැපැල් සහායකයන් 732 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලබා දී ඇත.
• රියදුරන් 40ක් විවෘත තරග විභාගයෙන් බඳවාගෙන ඇත.
• උප තැපැල් ස්ථානාධිපතීන් 367ක් සඳහා ස්ථිර පත්වීම් ලබා දී ඇත.
• ලියාපදිංචි ආදේශකයන් 1,000ක් බඳවා ගැනීම සඳහා මේ වන විට දිවයින පුරා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) 2026 වර්ෂය සඳහා විද්යුත් යතුරු පැදි - e-motorbikes - 165ක් සහ විද්යුත් ත්රීරෝද රථ - e-three-wheelers - 20ක් මිලදී ගැනීමට නියමිතය. ඉදිරියේදී අදියර වශයෙන් ඉතිරි යතුරු පැදි අවශ්යතාව සපුරා ගැනීමට නියමිතයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) කෞෂල්යා ආරියරත්න මෙනවිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks