01

E   |     |  

 දිනය: 2026-04-07   පිළිතුර ලබා දී ඇත 

1679/2026: "අස්වැසුම" වැඩසටහන: ප්‍රතිලාභීන්ගේ අභියාචනා සහ විරෝධතා

.

අසන ලද දිනය

2026-04-07

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අභියාචනා     -  61,964

                         විරෝධතා     -    6,295

              (ii)      ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභියාචනා කමිටු මඟින් විභාග කර, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ වනවිට 57,770ක ප්‍රමාණයක් ලැබී ඇත.

             (iii)      2026 මාර්තු 13වැනි දින සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, ප්‍රතිලාභියා විසින් ගිණුම් විවෘත කළ වහාම ප්‍රතිලාභ ගෙවීමට කටයුතු සිදු කෙරේ.

(ආ) (i) දැනටමත් විද්‍යාත්මක පදනමක් මත තෝරා ගැනීමේ ක්‍රමවේදයක් හා ඒකාබද්ධ සුබසාධක කළමනාකරණ ඩිජිටල් පද්ධතියක් - IWMS - පවත්වා ගෙන යනු ලැබේ. ඉදිරියේදී  තවදුරටත් එම පද්ධතිය හා තෝරා ගැනීමේ ක්‍රමවේද සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

(ii) අදාළ නොවේ.

(iii) ඔව්.

(iv) ඔව්. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

(v) නීතිමය ක්‍රියාමාර්ග මේ වනකොටත් අවසන් වෙලා නැහැ. ඒ නිසා නිශ්චිතව මේ ගැන සඳහන් කළ නොහැක.

(ඇ) (i) මේ වනවිට යෝජනා වී නැත. නමුත්,  නව රජය පත් වුණාට පසුව අස්වැසුම ප්‍රතිලාභීන්ට පැහැදිලිවම එම දීමනා වැඩි කර‍ දෙන්න අවශ්‍ය කටයුතු අපි සිදු කර තිබෙනවා.

(ii) ඔව්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සවිබලගැන්වීම් ක්‍රියාත්මක කෙරේ.

(iii) ඔව්. 2026 වර්ෂය සඳහා දේශීය ප්‍රතිපාදන විධියට සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 346.36ක් වෙන් කරලා තිබෙනවා. අමාත්‍යාංශ අරමුදල විධියට රුපියල් මිලියන 3,700ක් වෙන් කරලා තිබෙනවා.

විදේශීය ප්‍රතිපාදන විධියට ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 1,106කුත්, ආසියානු සංවර්ධන බැංකු ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 205කුත් වෙන් වෙලා තිබෙනවා.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks