01

E   |     |  

 දිනය: 2026-01-23   පිළිතුර ලබා දී ඇත 

1677/2026: මිය ගිය ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ යැපෙන්නන්ට ගෙවනු ලබන දීමනා: ප්‍රමාදය

1677/2025

ගරු ඔෂානි උමංගා මහත්මිය,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)      රාජකාරියේදී මිය ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැන්දඹුවන්/ යැපෙන්නන් සඳහා ලබා දෙමින් පැවති වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් හෝ දීමනා ගෙවීම ප්‍රමාදවීමට හේතු කවරේද;

(ii) එම ප්‍රමාදවීම් වලක්වා ගැනීමට ගනු ලබන පියවර කවරේද;

(iii) ආබාධිත හේතුව මත සේවයෙන් ඉවත්වීමෙන් පසුව විවාහවූ හමුදා සාමාජිකයන් මිය ගිය පසු ඔවුන්ගේ වැන්දඹුවන්/යැපෙන්නන් සඳහා ගෙවනු ලබන වැටුප් හා දීමනා කවරේද;

        (iv) ඔවුන් සඳහා දීමනා නොගෙවන්නේ නම්, එයට හේතු කවරේද;

(v) එම වැටුප් හෝ දීමනා ගෙවීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2009.05.19 දිනට පෙර බඳවාගත් හමුදා සාමාජිකයන්ගෙන් 85%ක විශ්‍රාම වැටුප් හිමිකමක් නොලබන සංඛ්‍යාව කොපමණද;

(ii) එම විශ්‍රාම වැටුප් හිමිකම නොගෙවීම සඳහා හේතු කවරේද;

(iii) ඔවුන් සඳහා 85%ක විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සුදුසු බව පිළිගන්නේද;

(iv) එසේ නම්, ඔවුන්ට එම විශ්‍රාම වැටුප් හිමිකම ගෙවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-01-23

අසන ලද්දේ

ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2026-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks