පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සින්න උල්ල, අරුගම්බේ, සර්වෝදයපුර, ජලාල්දීන් චතුරස්‍රය, කුඩා කල්ලිය, විස්කි පොයින්ට්, කොට්ටුක්කල් සහ ලයිට් හවුස් වැනි සංචාරක ප්‍රදේශවල නිවාඩු නිකේතන පවත්වාගෙන යන පුද්ගලයන් සතු ඉඩම් සඳහා රජය විසින් මැනුම් සිදුකර ඔප්පු ලබාදී නොමැති බව දන්නේද;
(ii) එම ලිපිලේඛන නොමැති නිවාඩු නිකේතන, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමට නොහැකි බව පිළිගන්නේද;
(iii) ඒ හේතුවෙන් පොතුවිල් ප්‍රාදේශීය සභාවට අදාළ ව්‍යාපාර බදු අය කිරීමට නොහැකිවී ඇති බව දන්නේද;
(iv) එසේ නම්, ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය යටතේ පෞද්ගලික මැනුම්කරුවන් මඟින් ඉඩම් මැනුම් සිදුකර ‘උරුමය’ ඔප්පු කඩිනමින් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේද;
(v) එසේ සකස් කරන මිනින්දෝරු සැලසුම් භාවිතා කර එම ඉඩම් ‘උරුමය’ යෝජනා ක්‍රමයට ඇතුළත් කළ හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-04-09
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම ප්‍රදේශවල මැනුම් කර නොමැතිව ජයභූමි ඔප්පු ලබා ගත් පුද්ගලයින් සිටින අතර, මේ වන විට සින්න උල්ල, ආරුගම්බේ, ජලාල්දීන් චතුරඝ්‍රය, සර්වෝදයපුරම් යන ප්‍රදේශවල නිවාඩු නිකේතන පවත්වා ගෙන යන පුද්ගලයින් සඳහා අදාළ මැනුම් කටයුතු සිදු කරමින් පවතින බැවින් එම කටයුතු නිම වී නොමැත. කුඩාකල්ලි, විස්කි පොයින්ට්, කොට්ටුක්කල් සහ ලයිට් හවුස් යන ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් පවතින අතර, රජයේ ඉඩම් සඳහා මැනුම් ඉල්ලීම් යොමු කිරීමට නියමිතව ඇත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) දැනට "හිමිකම" නමින් නිදහස් දීමනාපත්‍ර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා පෞද්ගලික මැනුම්කරුවන් මඟින් ඉඩම් මැනුම් කිරීමට අවස්ථාවක් සලසා නොමැත.
(v) නොහැක.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks