01

E   |     |  

 දිනය: 2025-12-11   පිළිතුර ලබා දී ඇත 

1664/2025: කළුතර දිස්ත්‍රික්කයේ LRC ඉඩම්: විස්තර

1664/2025

ගරු සංජීව රණසිංහ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග   අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)      ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ඉඩම්වලින්, බදු පදනම මත ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය, මහජනතාව වෙත ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය, නිදහස් ඔප්පු ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය සහ බලපත්‍ර මඟින් මහජනතාව වෙත ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) බලපත්‍රලාභී ඉඩම් සඳහා නිදහස් ඔප්පු ලබාදීමේ හැකියාවක් තිබෙන්නේද;

(iv) මහජනතාව වෙනුවෙන් ලබාදී ඇති ඉඩම්වලින්, ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති ඉඩම් ප්‍රමාණය, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) එම ඉඩම් නැවත පවරාගෙන, ඉඩම් නොමැති අය සඳහා ලබාදීමේ හැකියාවක් තිබෙන්නේද;

(vi) පුද්ගලයන් හෝ ආයතන විසින්, අයථා ලෙස අත්පත් කරගෙන ඇති,  කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

‍ යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-12-11

අසන ලද්දේ

ගරු සංජීව රණසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව ප්‍රකාශිත හා පැවරුණු ඉඩම් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව නොව දිස්ත්‍රික්ක මට්ටමින් පවරාගෙන ඇත. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත සහ පැවරුණු ඉඩම් ප්‍රමාණ පිිළිබඳ විස්තර පිළිතුරෙහි දක්වා තිබෙනවා.

ඇත්තටම ගරු මන්ත්‍රීතුමා අහන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය කොපමණද කියලා. නමුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වශයෙන් බෙදා දී තිබෙන ඉඩම් ප්‍රමාණ සඳහන් කරලා තිබුණත්, පොදුවේ පවරා ගැනීම් කරලා තිබෙන්නේ දිස්ත්‍රික්ක මට්ටමෙන්. ඒ අනුව මා පිළිතුර ඉදිරිපත් කරනවා.

 

පැවරුණු ඉඩම් ප්‍රමාණය

 

අක්කර

රූඩ්

පර්:

ගොඩ

33,243

2

28

කුඹුරු

     243

0

21

 

 

 

 

(ii) කළුතර දිස්ත්‍රික්කයට අදාළව ගත්තොත්, කළුතර, දොඩංගොඩ, මතුගම, බුලත්සිංහල, මදුරාවල, වලල්ලාවිට, පාලින්ද නුවර, අගලවත්ත, හොරණ, ඉංගිරිය, මිල්ලනිය, පානදුර, බණ්ඩාරගම, බේරුවල යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 14හිම ඇති LRC ඉඩම් මහජනතාවට බෙදා දී ඇති ප්‍රමාණය, ඔප්පු ලබා දී ඇති ප්‍රමාණය හා බදු පදනම මත ලබා දී ඇති ප්‍රමාණය වෙන් වශයෙන් පහත වගුවේ දක්වා ඇත.

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මහජනයාට බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය

ඔප්පු ලබා දී ඇති ප්‍රමාණය

බදු පදනම මත ලබා දී ඇති ප්‍රමාණය

 

 

අක්:

රූඩ්

පර්:

අක්:

රූඩ්

පර්:

අක්:

රූඩ්

පර්:

01.

කළුතර

  68

3

27

  45

1

13

  02

0

15

02.

දොඩංගොඩ

314

0

29

178

2

33

  50

1

23

03.

මතුගම

145

3

28

  64

0

30

369

1

28

04.

බුලත්සිංහල

570

1

26

324

2

06

  42

2

34

05.

මදුරාවල

407

3

36

149

1

19

  03

2

37

06.

වලල්ලාවිට

120

0

05

  16

0

01

  29

1

37

07.

පාලින්ද නුවර

146

3

30

  84

0

02

-

-

-

08.

අගලවත්ත

275

3

17

131

3

14

  26

0

01

09.

හොරණ

687

1

22

536

2

16

  17

1

15

10.

ඉංගිරිය

746

2

25

352

3

06

  00

0

17

11.

මිල්ලනිය

254

1

38

169

0

24

  13

2

31

12.

පානදුර

  68

3

27

  45

1

13

  00

1

27

13.

බණ්ඩාරගම

  98

0

19

  64

2

18

  01

0

00

14.

බේරුවල

241

2

26

101

1

25

  00

1

38

(iii) රජය විසින් අත්පත් කර නොගත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට ඔප්පු ලබා දීමේ හැකියාව ඇත.

(iv) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු ලබා දී ඇති ඉඩම් සින්නක්කර විකුණුම්කරයක් මඟින් මහජනයා වෙත බැහැර කර ඇත. ඉන් පසු ආයතනය විසින් ඒ සම්බන්ධව සොයා බැලීමක් සිදු නොකරයි.

(v) නීත්‍යනුකූලව පවරා දී ඇති හා පනතේ අරමුණු යටතේ භාවිත කරනු ලබන ඉඩම් නැවත පවරා ගැනීම සඳහා වූ විධිවිධාන නොමැත.

(vi) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සකස් කළ ඉඩම් ලේඛනයට අනුව හඳුනාගත් ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති අයිලාස් මෘදුකාංගය භාවිතයට ගනිමින් මූලික සිතියම්ගත කිරීමක් සිදු කරමින් පවතී. ඒ අනුව අයථා ලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් හඳුනා ගැනීමෙන් පසු ඒවා ප්‍රාදේශීය ලේකම් කොටඨාස මට්ටමෙන් ලබා දිය හැක.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks