02

E   |   த   |  

 දිනය: 2025-12-11   පිළිතුර ලබා දී ඇත 

1662/2025: හඟුරන්කෙත, වලපනේ සහ කොත්මලේ ප්‍රා.ලේ. කොට්ඨාස: ප්‍රාදේශීය ලේකම් කාර්යාල

1662/2025

ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, වලපනේ සහ කොත්මලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි, එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් ස්ථාපිත කර ඇති බවත්;

(ii) එම ප්‍රදේශවල ජීවත්වන ජන සංඛ්‍යාව අනුව, එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මඟින් පමණක්, ජනතාවගේ සේවා අවශ්‍යතා සපුරාලීම ගැට‍ලුකාරීවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් ප්‍රදේශ සඳහා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙක  බැගින් ස්ථාපිත කළ යුතු බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-12-11

අසන ලද්දේ

ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2026-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks