පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චානක මාදුගොඩ මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) අවසන් වරට පැවති සීමිත සහ විවෘත තරඟ විභාගය මඟින් කළමනාකරණ සේවා නිලධාරි තනතුර සඳහා බඳවාගෙන ඇති මුළු නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබා ඇති සහ මේ වනවිට වැඩ භාරගෙන ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම බඳවාගැනීම්වලින් පසුව මේ වනවිට එම තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iv) එම පුරප්පාඩු සඳහා පැවති තරඟ විභාගයේ කඩයිම් ලකුණු ආසන්නයට ලකුණු ලබා සිටින අපේක්ෂකයන් බඳවාගැනීමට අපේක්ෂා කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-07
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කළමනාකරණ සේවා නිලධාරි තනතුර සඳහා සීමිත පදනම යටතේ නිලධාරින් 692ක් බඳවා ගැනීමට අනුමැතිය හිමි වූ අතර, එයින් සුදුසුකම් ලද අයදුම්කරුවන් 670ක් බඳවා ගන්නා ලදී.
විවෘත පදනම යටතේ නිලධාරින් 1,615ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය හිමි වූ අතර, ඒ අතුරින් සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් 1,252ක් බඳවා ගැනීමට කටයුතු කර ඇත.
(ii) සීමිත පදනම යටතේ නිලධාරින් 670ක් සම්මුඛ පරීක්ෂණය මඟින් සුදුසුකම් ලබා ඇති අතර, යාවත්කාලීන වී ඇති දත්ත අනුව එයින් වැඩ භාර ගෙන නොමැති නිලධාරින් සංඛ්‍යාව 18කි.
විවෘත පදනම යටතේ නිලධාරින් 1,252ක් සම්මුඛ පරීක්ෂණය මඟින් සුදුසුකම් ලබන ලද අතර, මෙම නිලධාරින් 2026.07.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි සේවා ස්ථාන වෙත අනුයුක්ත කර ඇත. එම නිලධාරින්ට රාජකාරි භාර ගැනීම සඳහා සති දෙකක කාලයක් හිමි වන අතර, ඒ අනුව 2026.07.29 දින දක්වා රාජකාරි භාර ගැනීමේ හැකියාව පැවතිණි. එම නිලධාරින්ගේ රාජකාරි භාර ගැනීම සම්බන්ධ සියලු තොරතුරු මෙතෙක් යාවත්කාලීන වී නොමැති බැවින් වැඩ භාර ගත් සංඛ්‍යාව මේ අවස්ථාවේ දී නිශ්චිතව සඳහන් කිරීමේ හැකියාවක් නොමැත.
(iii) ආයතන මඟින් යාවත්කාලීන කර ඇති දත්ත සහ විශ්‍රාම යාම මත ඇති වූ පුරප්පාඩු සැලකීමේදී මේ වන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව දළ වශයෙන් 3,500කි.
(iv) එම පුරප්පාඩු මේ වන විට බඳවා ගැනීම් සිදු කර ඇති විවෘත සහ සීමිත තරග විභාග සඳහා අනුමැතිය හිමි වූ පුරප්පාඩු ගණනය කළ දිනට පසුව යාවත්කාලීන වූ පුරප්පාඩු වන බැවින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව තරග විභාගයක් පැවැත්විය යුතු වන අතර, ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දී ඇති නියෝගද ප්‍රකාරව නව තරග විභාගයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks