E   |     |  

 දිනය: 2026-07-23   පිළිතුර ලබා දී ඇත 

1657/2026: කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය කාර්යාල: විස්තර

ගරු චානක මාදුගොඩ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය ‍කුරුඳු සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම නිලධාරින් ස්ථානගත කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම දෙපාර්තමේන්තුවේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සංවිධාන ව්‍යුහය කවරේද;

(iv) එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු පනතක් මඟින් ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේද;

(v) දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය මානව සම්පත් ප්‍රමාණවත් ලෙස තිබේද;

(vi) නොඑ‍සේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-23

අසන ලද්දේ

ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කුරුඳු සංවර්ධන නිලධාරින් 37යි.

              (ii)      මේ යටතේ ගරු මන්ත්‍රීතුමා අහන්නේ එම නිලධාරින් වෙන් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මොනවාද කියන එකයි. එම ලැයිස්තුව ඇමුණුම 01 මඟින් දක්වා තිබෙනවා.

     (iii)      කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඇමුණුම 02 සභාගත* කරනවා.

                         ප්‍රාදේශීය කාර්යාලවල ක්ෂේත්‍ර කටයුතු කරගෙන යෑම සඳහා ස්ථානගත කර ඇති නිලධාරින්ගේ වෙනම සංවිධාන ව්‍යුහයක් නොමැත.

             (iv)       ඔව්.

(v) නැත.

(vi) පුරප්පාඩුව පවතින මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සම්පූර්ණ කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, පුරප්පාඩුව පවතින ද්විතීයික ශ්‍රේණියේ කුරුඳු සංවර්ධන නිලධාරි තනතුරු සම්පූර්ණ කර ගැනීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරි සේවා ගණයේ කුරුඳු සංවර්ධන නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය පැවැත්වීම සඳහා දැන්වීම් අංක 2494 දරන 2026.06.19වැනි දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත. විභාගය 2026 සැප්තැම්බර් මස පවත්වා 2027 ජනවාරි මස මෙම නිලධාරින් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks