E   |     |  

 දිනය: 2025-11-26   පිළිතුර ලබා දී ඇත 

1654/2025: Details of Green Dumbara Nuckles and Dumbara Green projects

1654/2025

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ‍ ඇසීමට,—

(අ)         (i)        අමාත්‍යාංශය යටතේ, ‘හරිත දුම්බර නකල්ස් ව්‍යාපෘතිය’ සහ ‘දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ යනුවෙන් ව්‍යාපෘති දෙකක් තිබේද;

              (ii)       නකල්ස් කඳුවැටිය ආශ්‍රිත ජලාධාරය හා ගංගා ද්‍රෝණි සංරක්ෂණය සඳහා ‘හරිත දේශගුණික අරමුදල’ (GCF) සහ ‘සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය’ (IUCN) මඟින් මුදල් ආධාර ලැබී තිබේද;

(iii) එසේ නම්, ආධාර මුදල සහ ආධාර ලබා දුන් ව්‍යාපෘති කවරේද;

(iv) ඉහත ආයතන මඟින් ලබා දුන් මුදල් ආධාර, සීමාසහිත මහවැලි කන්සල්ටන්සි බියුරෝ (පුද්ගලික) සමාගම වෙත ලබාදී තිබේද;

(v) එසේ නම්, එම මුදල් ප්‍රමාණය හා ලබා දුන් දිනය කවරේද;

(vi) එම මුදල වැය කර සිදුකරනු ලැබූ කාර්යයන් කවරේද;

(vii) එම කාර්යයන්වල වත්මන් ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාව‍‍ට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සමාගමට අමතරව, (අ)(i) හි සඳහන් ව්‍යාපෘති මඟින් මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;

(ii) එම මුදල් වැය කරනු ලැබූ කාර්යයන් සහ ඒවායේ වත්මන් ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත්  එතුමා මෙම සභාව‍‍ට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-26

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks