E   |     |  

 දිනය: 2025-12-11   පිළිතුර ලබා දී ඇත 

1650/2025: ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්: මුල් හඳුනා ගැනීම සහ චිකිත්සක ප්‍රතිකාර ලබා දීමේ වැඩසටහන

1650/2025

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ඔටිසම් වැනි රෝගවලින් පීඩා විඳින දරුවන් කල් ඇතුව හඳුනාගෙන ඒ සඳහා චිකිත්සක ප්‍රතිකාර ලබාදී‍මේ වැඩස‍ටහනක් අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේද‍;

(ii) එසේ නම්, එම වැඩසටහන ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

‍(iii) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සේවය කරන රෝහල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම රෝහල් අතරින් ඔටිසම් වැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන සායන ක්‍රියාත්මක වන රෝහල් කවරේද;

(v) එම රෝහල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබා දීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-12-11

අසන ලද්දේ

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2026-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks