01

E   |     |  

 දිනය: 2025-12-09   පිළිතුර ලබා දී ඇත 

1647/2025: ගම්පහ සමුපකාර රෝහල: අක්‍රමිකතා

1647/2025

ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)      ගම්පහ සමුපකාර රෝහලේ වත්මන් පරිපාලනය මුදල් වංචා, දූෂණ අක්‍රමිකතා සහ දේපල අවභාවිතා කිරීම් සිදු කර ඇති බව දන්නේද;

             (ii)      සමුපකාර සාමාජිකයන් විසින් එම වංචා දූෂණ සම්බන්ධව අදාළ බලධාරින් දැනුම්වත් කළද මේ වනවිටත් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පිළිගන්නේද;

(iii) එසේ මුදල් වංචා කිරීම්, දූෂණ අක්‍රමිකතා සහ වාහන දේපල අවභාවිතා කිරීම් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කිරීමට‍ පියවර ගන්නේද;

(iv) ඒ සඳහා  ගත වන කාලය කොපමණද;

(v) එකී පරීක්ෂණයෙන් වරදකරුවන් වන නිලධාරින්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-12-09

අසන ලද්දේ

ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සී/ස ගම්පහ ආරෝග්‍යශාලා සමුපකාර සමිතියේ ක්‍රියාකාරිත්වය හා යම් අක්‍රමිකතා සම්බන්ධයෙන් වරින් වර සමිතියේ සාමාජිකයන්, සේවකයන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් පැමිණිලි කළ අවස්ථා ඇත. මේ වෙනකොට පැමිණිලි 20කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එම පැමිණිලි ඇමුණුම 01හි දක්වා ඇත.

              (ii)      නැත. දැනට ලැබී ඇති පැමිණිලි 05ක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ 47(2) වගන්තිය යට‍තේ විමර්ශනයක් සිදු කර අවසන් අදියරේ පවතී. පැමිණිලි විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.

මීට අමතරව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කිරීම සඳහා බලය පැවරීමක් සිදු කර ඇත. ඒ පිළිබඳව ඇමුණුම 03හි දක්වා ඇත.

ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.

(iii) ඉහත අංක (ii)හි සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් 47(2) වගන්තිය යටතේ විමර්ශනයක් සිදු කිරීම සඳහා බලය පවරා ඇත.

(iv) බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය අනුව විමර්ශනයක් සඳහා ගත හැකි උපරිම කාලය සඳහන් කර ඇත. ඒ අනුව ඒ සඳහා ගත හැකි උපරිම කාලය මාස 18කි. එසේ වුවත්, හැකි අවම කාලයක් තුළ කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

(v) බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ 48 වගන්තිය ප්‍රකාරව විනය වැරදි සඳහා සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත වසර 7ක කාලයක් ඉකුත් වන තෙක් ලියා පදිංචි සමුපකාර සමිතියක කාරක සභාවට තේරී පත්වීම නිත්‍යනුකූල නොවීම හා සේවකයන්ට එරෙහිව පවත්නා විනය වැරදි සම්බන්ධයෙන් හෝ විනය පරීක්ෂණ හා යම් මූල්‍ය හානියක් අනාවරණ වන්නේ නම්, වග කිවයුත්තන්ට එරෙහිව සමුපකාර සමිති ප්‍රඥප්තියේ 58 වගන්තිය ප්‍රකාරව ආරාවුල් බේරුම්කරණයට හෝ 66(1) වගන්තිය යටතේ අධිභාර ක්‍රියාවලියට යොමු කර අය කර ගැනීම.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු උපාලි සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks