පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රජයේ පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට එම දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(iv) මේ වනවිට තිබෙන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-23
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව - 1,005කි.
පළාත් පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව - 6,021කි.
(ii) ජාතික පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 මඟින් ද, පළාත් පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් ද ඉදිරිපත් කර ඇත.
(iii) එම දිස්ත්‍රික්කයේ ජාතික පාසල් හා පළාත් පාසල්වල සේවයේ යෙදී සිටින ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන්ව ඇමුණුම 01 හා ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.
(iv) මේ වනවිට ජාතික පාසල් හා පළාත් පාසල්වල තිබෙන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 හා ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
(v) දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් හා අනෙකුත් උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය හා අංක 2476/18 හා 2026.02.18 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් සංශෝධනය කරන ලද අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මේ වන විට අයදුම්පත් කැඳවා 2026 මැයි මස විභාගය පවත්වා ඇත. ඒ අනුව එකී ගැසට් නිවේදනය ප්‍රකාරව ගුරු සේවයේ පුරප්පාඩු සඳහා මෙම වර්ෂය තුළ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී.
එමෙන්ම, 2018-2020 හා 2020-2022 කණ්ඩායමේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරි ඌන සාමාර්ථලාභීන් 2026 ජූලි මස සිටත්, 2022-2024 කණ්ඩායමේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් එම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම මත ජාතික හා පළාත් පාසල්හි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියේ පවතින ගුරු පුරප්පාඩු සඳහා 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළත් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇත.
තවද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගුරු සේවයේ පවතින පුරප්පාඩු ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත ගුරු තුලනය හා පත්වීම් විෂය සංශෝධනයෙන් අනතුරුව තවදුරටත් පවතින ගුරු පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් 2026/2027 වර්ෂය තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks