E   |     |  

 දිනය: 2025-12-10   පිළිතුර ලබා දී ඇත 

1639/2025: පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර: PTA යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්

1639/2025

ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන්, 2019 අප්‍රේල් 21 සිට 2022 අප්‍රේල් 21 දක්වා කාලය තුළ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පුද්ගලයින් සංඛ්‍යාවෙන් මේ දක්වා අධිකරණයක් ඉදිරියේ චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

‍(iii) එම රැඳවියන් අතරින් චෝදනා පත්‍රයක් පිරවීමකින් තොරව නිදහස් කර ඇති රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

‍ (iv) එම නිදහස් කරන ලද රැඳවියන් අතරින් මාස තුනක් (03) දක්වා, වසරක් (01) දක්වා, වසර එකහමාරක් (1 ½) දක්වා සහ මාස දහඅටකට (18) වැඩි කාලයක් රඳවා තබා ගැනීමේ සහ/හෝ අධිකරණ නියෝග යටතේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-12-10

අසන ලද්දේ

ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 540කි.

              (ii)      •     මේ දක්වා අධිකරණයක් ඉදිරියේ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 88කි.

                         •     නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කළ ගොනු සංඛ්‍යාව 34කි.

            (iii)      එම රැඳවියන් අතරින් චෝදනා පත්‍රයක් පිරවීමකින් තොරව නිදහස් කර ඇති රැඳවියන් සංඛ්‍යාව 418කි.

(iv) එම නිදහස් කරන ලද රැඳවියන් අතරින්,

• මාස තුනක කාලයක් රඳවා තබා ගත් පුද්ගලයන් සංඛ්‍යාව  - 93

• වසරක කාලයක් රඳවා තබා ගත් පුද්ගලයන් සංඛ්‍යාව -  165

• වසර එකහමාරක කාලයක් රඳවා තබා ගත් පුද්ගලයන් සංඛ්‍යාව  -  94

• මාස දහඅටකට වැඩි කාලයක් රඳවා තබා ගත් පුද්ගලයන් සංඛ්‍යාව -  66

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks