E   |     |  

 දිනය: 2026-01-23   පිළිතුර ලබා දී ඇත 

1636/2026: වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සතු ඉඩම්: මොනරගල දිස්ත්‍රික්කය

1636/2025

 ගරු රුවන් විජේවීර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      (i)        මොනරාගල දිස්ත්‍රික්කයට අයත් සමස්ත භූමි ප්‍රමාණය හා එම භූමි ප්‍රමාණයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින භූමි ප්‍රමාණ වෙන්‍ වෙන් වශයෙන් කොපමණද;

(ii) එය ප්‍රතිශතයක් ලෙස කොපමණද;

‍(iii) කිසියම් භූමි ප්‍රමාණයක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගැනීමේදී යොදා ගැනෙන නිර්ණායක කවරේද;

(iv) 2021 දී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රා‍දේශීය ලේකම් යටතට පවරා ඇති මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රමාණය කොපමණද;

(v) ඒ අතරින්, ප්‍රාදේශීය ලේකම් විසින් දීර්ඝ කාලීන බදු පදනම මත නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(vi) එසේ නම්, ඒ කුමන ආයතන හෝ පුද්ගලයන්ටද;

(vii) මෙම පැවරීම් ක්‍රියාවලිය තුළ, මොනරාගල දිස්ත්‍රික්කයේ ‘වන්දම—දෙමලිය’ රක්ෂිතයට අයත් භූමි ප්‍රමාණය හා මේ වනවිට ප්‍රාදේශීය ලේකම් වෙත නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණය වෙන්‍ වෙන් වශයෙන් කොපමණද;

(viii) ප්‍රාදේශීය ලේකම් වෙත නිදහස් කර ඇති භූමි ප්‍රමාණයෙන් බදු පදනම මත නිදහස් කර ඇති භූමි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-01-23

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       ·      මොනරාගල දිස්ත්‍රික්කයට අයත් සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 563,900කි.

                   ·      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 228,001කි.

                   ·      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 170,752කි.

  (ii)  ·  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින භූමි ප්‍රමාණය සියයට 40.43කි.

    ·  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින භූමි ප්‍රමාණය සියයට 30.28කි.

  (iii)  ·  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත හා සංරක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර හා රජයට සුදුස්සක් කළ හැකි, වෙනත් යම් පනතක් මඟින් විශේෂිත ආයතනයක් වෙත පවරා නොමැති හා යම් නීත්‍යනුකූල ක්‍රමයකින් වලංගුව පවත්නා හිමිකමක් අත්කරගෙන තිබෙන බවට හෝ තහවුරු නොකළ සියලු ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.

  (iv)  හෙක්ටෙයාර 20,760කි.

(v)    හෙක්ටෙයාර 472.08කි.

(vi)  ·  සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේක කොට්ඨාසයේ,

  • ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරිය වෙත

    ·  බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,

  • නෙල්නා ඇග්‍රි ඩිවලොප්මන්ට් ආයතනය වෙත
  • අනුෂා ප්‍රනාන්දු මහත්මිය වෙත (ගල්කිස්ස)
  • තුසිත විමලනාත් මහතා වෙත (ගල්කිස්ස)
  • හේනලයිෆ් පුද්ගලික සමාගම, පන්නිපිටිය වෙත

(vii)     ·  "වන්දම - දෙමලිය" වනාන්තරයට අයත්, මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන,

  • වන්දම වනාන්තරය හෙක්ටෙයාර 548.3කි.
  • දෙමලිය වනාන්තරය හෙක්ටෙයාර 2,711කි.

    ·  "වන්දම - දෙමලිය" රක්ෂිතයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් වෙත නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණය

  • බුත්තල ‍ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන්දම රක්ෂිතයෙන් නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 1,714.72කි.

  (viii)    ·  බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටෙයාර 256.24කි.

    · වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිදහස් කර නොමැත.

(ආ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks