01

E   |     |  

 දිනය: 2025-12-10   පිළිතුර ලබා දී ඇත 

1635/2025: ජාතික ශිෂ්‍යභට බලකාය පිහිටුවීම: අරමුණු

----

අසන ලද දිනය

2025-12-10

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1985 අංක 40 දරන මිනිස් බල උපයෝගිතා සහ පරිපූරක හමුදා පනත.

              (ii)      මිනිස් බලය උපයෝගි කර ගැනීම පිණිස නිසි බලධරයකු පත් කිරීම සඳහා ද, ජාතික සන්නද්ධ මිනිස් බල සංචිතයට අනිවාර්යයෙන් සහ ස්වේච්ඡාවෙන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කාර්ය පටිපාටිය නියම කිරීම සඳහා ද, මිනිස් බල සංචිත කාර්යභාර මණ්ඩලයක් පිහිටුවීම සඳහා ද, ජාතික සන්නද්ධ මිනිස් බල සංචිතය, ජාතික ශිෂ්‍යභට බලකාය, ජාතික සහායක හමුදාව සහ අවශ්‍ය යැයි සලකනු ලබන වෙනත් පරිපූරක හමුදාවන් ද බඳවා ගැනීම සහ පවත්වා ගෙන යෑම සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

  (iii) ජාතික ශිෂ්‍යභට බලකායට අනුබද්ධව සේවය කරන ශිෂ්‍යභට නිලධාරි සංඛ්‍යාව - 3,092යි.

        සක්‍රිය සේවය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් නිදහස් කර ඇති නිලධාරි සංඛ්‍යාව - 148යි. (2025.12.05 දිනට)

  (iv)  ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සිදු කරනු ලබන පාසල් සංඛ්‍යාව 2,256යි.

         දැනට ක්‍රියාකාරී ශිෂ්‍යභට ඛණ්ඩ සංඛ්‍යාව 4,599යි.

  (v)  ජාතික ශිෂ්‍යභට බලකායේ ක්‍රියාකාරකම් නවීකරණය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.

විශේෂයෙන්ම දැනටත් ඒවා නවීකරණය කිරීමට පටන්ගෙන තිබෙනවා. 

(vi) 1985 අංක 40 දරන මිනිස්බල උපයෝගිතා සහ පරිපූරක හමුදා පනතට සංශෝධන සිදු කිරීම තුළින් උක්ත ක්‍රියාකාරකම් නවීකරණය කිරීමට අපේක්ෂිතයි.

 නව පරම්පරාවට ගැළපෙන පරිදි පුහුණු කාලසටහන් වෙනස් කිරීම තුළින් වැඩි ශිෂ්‍ය භටයින් ප්‍රමාණයක් රන්ටැඹේ සහ මුලතිව් පුහුණු කඳවුරුවලට යොමු කිරීමටත්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා වැඩි කාල සීමාවක් වෙන් කිරීමටත්, කඳවුරුවලදී ශිෂ්‍ය භටයෙකුට දරන්න වන වියදම් අඩු කිරීම සඳහා ඇගැයීම් ක්‍රමය වෙනස් කිරීමටත්, ඒ වාගේම ස්වකීය පාසලේම ගුරුවරුන්ට ශිෂ්‍යභට කණ්ඩායම්වල භාරකරුවන් ලෙස ඉඩ ප්‍රස්ථා සලසා දීමටත්, විශේෂයෙන්ම ශිෂ්‍යභට ජාතික ක්‍රීඩා තරගාවලිය නැවත ආරම්භ කිරීමටත්, - පසුගිය දෙසැම්බර් මාසයේ යාපනයේ තමයි එය පවත්වන්න තිබුණේ. අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඒක කල් දැමුවා - පවත්වාගෙන ආ විෂය නිර්දේශ සඳහා තාක්ෂණය අනුබද්ධ කිරීමටත් කටයුතු කරමින් යනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks