01

E   |     |  

 දිනය: 2025-11-26   පිළිතුර ලබා දී ඇත 

1628/2025: Delay of issuing Number Plates

1628/2025

ගරු අජිත් පී. පෙරේරා මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වාහන අලුතින් ලියාපදිංචි කිරීමේදී, රජය විසින් නිකුත් කරන අංක තහඩු ලබාදීමේ ප්‍රමාදයක් පවතින්නේද;

              (ii)      එසේ නම්, එම ප්‍රමාදයට හේතු කවරේද;

              (iii)     2025.10.01 දින වන විට, රජය විසින් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාදවී ඇති රථවාහන සංඛ්‍යාව කොපමණද;

(iv) එම ප්‍රමාදය වැළැක්වීම සඳහා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-26

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks