පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2796/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගනේවත්ත ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ, දොස්තරවත්ත නමැති ප්‍රදේශයේ සිදුකරනු ලබන වැලි ගොඩදැමීම ආරම්භකළ දිනය කවරේද;
(ii) ඒ සඳහා අදාළ ආයතනවලින් අවසර ලබාගෙන තිබේද;
(iii) එම වැලි ගොඩදැමීම සිදුකරගෙන යන අයගේ නම කවරේද;
(iv) ඒ සඳහා භාවිතා කරන යන්ත්‍රසූත්‍ර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් වැලි ගොඩදැමීමට අදාළ පරිසර ශක්‍යතා වාර්තාව සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්තාව ඉදිරිපත් කරන්නේද;
(ii) එම ස්ථානයෙන් එක් දිනක දී ගොඩදැමීමට නිර්දේශිත වැලි කියුබ් සංඛ්‍යාව කොපමණද;
(iii) එම වැලි ගොඩදැමීමට ලබාදී ඇති බලපත්‍රයේ කාල සීමාව කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) දොස්තරවත්ත නමැති ස්ථානයේ සිදුකරනු ලබන වැලි ගොඩදැමීම හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදු වන බව දන්නේද;
(ii) මේ වන විට එහි සිදු වී ඇති පාරිසරික විනාශය සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-18
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා)
(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - சுற்றாடல், புதுப்பிக்கத்தக்க சக்தி அமைச்சர்)
(The Hon. A.D. Susil Premajayantha - Minister of Environment and Renewable Energy)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ අනාගතයේ දී ජලයෙන් යටවීමට නියමිත මෙම ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමක් සිදු නොවන අතර, එම ප්‍රදේශයේ පස් සෝදා වැලි නිස්සාරණය කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලබයි. දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියට යට වන භූමියෙන් හා ඉදිකිරීම්වලින් මෙම ස්ථානයට ගෙන එන පස් සෝදා වැලි නිස්සාරණය කරනු ලැබේ. එම ව්‍යාපෘතිය 2012 සැප්තැම්බර් 31 දින ආරම්භ කර ඇත.
(ii) වැලි නිස්සාරණය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය දැදුරු ඔය ජලාශයට යට වන භූමියේ ක්‍රියාත්මක වන බැවින් දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂගේ අනුමැතිය මේ සඳහා ලබා ගෙන ඇත.
වැලි නිස්සාරණ කටයුත්තක් බැවින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අංක TDL/B/S/HO/674 දරන වෙළෙඳ බලපත්‍රය ලබා දී ඇත.
(iii) අශෝක දයාවංශ, විකෝ ලංකා ඉන්ටර් නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, නො. 100, කොළඹ පාර, කුරුණෑගල.
(iv) බැකෝ යන්ත්‍ර (320 ප්‍රමාණය) 03
බැකෝ යන්ත්‍ර (200 ප්‍රමාණය) 01
බැකෝ යන්ත්‍ර (150 ප්‍රමාණය) 01
බැකෝ යන්ත්‍ර (120 ප්‍රමාණය) 01
බැකෝ යන්ත්‍ර (50 ප්‍රමාණය) 01
ටිපර් රථ (කියුබ් 05 ප්‍රමාණය) 05
ජෙනරේටර් 01
පස් සෝදන යන්ත්‍ර 01
(ආ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරන ලද වෙළෙඳ බලපත්‍රය හා වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද කාර්යය සඳහා අනුමැතිය ප්‍රදානය කිරීමේ ලිපිය* ඉදිරිපත් කළ හැකිය.
(ii) වැලි නිස්සාරණය දිනකට කියුබ් 300ක් පමණ වේ.
(iii) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ විසින් නිකුත් කරන ලද වෙළෙඳ බලපත්‍රය 2013.07.30 දින දක්වා වලංගු වේ.
(ඇ) (i) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ දැදුරු ඔය ව්‍යාපෘතියට යට වන භූමියෙන් ලබා ගන්නා පස් සෝදා වැලි නිස්සාරණය කිරීමෙනි. මෙම භූමිය දැදුරු ඔය ජලාශයේ ජලය පිරවීම නිසා අනාගතයේදී ජලයෙන් යට වන අතර එවිට මෙම වැලි ලබා ගැනීමට නොහැකි වේ. කෙටි කාලීනව පාරිසරික වශයෙන් යම් යම් ගැටලු ඇති වුවද මෙමඟින් ලබා ගන්නා වැලි හේතුවෙන් ගංගාවලින් ලබා ගන්නා වැලිවලට විකල්පයක් වන නිසා අධික ලෙස ගංගාවලින් වැලි ගොඩ දැමීම අඩු කරගත හැකිය. එසේම මෙමඟින් සැලකිය යුතු ප්‍රමාණයකින් වැලි ඉල්ලුම සඳහා සැපයීම සිදු කරයි.
(ii) මෙම ව්‍යාපෘති භූමිය ජලයෙන් යට වන බැවින් නැවත පිරවීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ.
බලපත්‍ර කොන්දේසිවලට යටත්ව දැඩි අධීක්ෂණයක් යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරයි.
මෙම ප්‍රදේශයේ ආනතිය ජලාශයට ගැළපෙන අයුරකින් තබා ගැනීම සඳහා සෑම අවස්ථාවේදීම දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විසින් ලබා දෙන පරාමිතීන්වලට මෙහි කටයුතු සිදු වේ.
(ඈ) පැන නොනඟී.
—————————
* පුස්තකාලයේ තබා ඇත.
* நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2013-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks