03

සි   |     |  

 Date: 2013-06-18   Answered 

2796/2013: SAND MINING IN DOSTHARAWATTA AREA : DETAILS

2796/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Environment and Renewable Energy,—

(a) Will he state—

(i) the date on which the sand mining carried out in the area called ‘Dostharawatta’ in the Ganewatta Divisional Secretariat Division was started;

(ii) whether the approval from the relevant institutions has been obtained for that purpose;

(iii) the name of the person who is engaged in the aforesaid sand mining; and

(iv) the machinery used for that purpose ?

(b) Will he also state—

(i) whether the Environmental Feasibility Report and the report of the Geological Survey and Mines Bureau with relevance to the sand mining mentioned above will be submitted;

(ii) the number of cubes of sand recommended to be mined from the aforesaid location per day; and

(iii) the duration of the permit issued for the aforesaid sand mining ?

(c) Will he inform this House—

(i) whether he is aware that a massive environmental destruction takes place as a result of the sand mining conducted in the place called ‘Dostharawatta; and

(ii) of the steps taken in relation to the environmental destruction that has taken place there by now ?

(d) If not, why?

 

Asked Date

2013-06-18

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Environment and Renewable Energy

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා)

(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - சுற்றாடல், புதுப்பிக்கத்தக்க சக்தி அமைச்சர்)

(The Hon. A.D. Susil Premajayantha - Minister of Environment and Renewable Energy)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ අනාගතයේ දී ජලයෙන් යටවීමට නියමිත  මෙම ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමක් සිදු නොවන අතර, එම ප්‍රදේශයේ පස් සෝදා වැලි නිස්සාරණය කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලබයි. දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියට යට වන භූමියෙන් හා ඉදිකිරීම්වලින් මෙම ස්ථානයට  ගෙන එන පස් සෝදා වැලි නිස්සාරණය කරනු ලැබේ. එම ව්‍යාපෘතිය 2012 සැප්තැම්බර් 31 දින ආරම්භ කර ඇත.

(ii) වැලි නිස්සාරණය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය දැදුරු ඔය ජලාශයට යට වන භූමියේ ක්‍රියාත්මක වන බැවින් දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂගේ අනුමැතිය මේ සඳහා ලබා ගෙන ඇත.

වැලි නිස්සාරණ කටයුත්තක් බැවින් භූ                      විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අංක TDL/B/S/HO/674  දරන වෙළෙඳ බලපත්‍රය ලබා දී ඇත.

(iii) අශෝක දයාවංශ, විකෝ ලංකා ඉන්ටර් නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, නො. 100, කොළඹ පාර, කුරුණෑගල.

(iv) බැකෝ යන්ත්‍ර (320 ප්‍රමාණය) 03

බැකෝ යන්ත්‍ර (200 ප්‍රමාණය) 01

බැකෝ යන්ත්‍ර (150 ප්‍රමාණය) 01

බැකෝ යන්ත්‍ර (120 ප්‍රමාණය) 01

බැකෝ යන්ත්‍ර (50 ප්‍රමාණය) 01

ටිපර් රථ (කියුබ් 05 ප්‍රමාණය) 05

ජෙනරේටර් 01

පස් සෝදන යන්ත්‍ර 01

(ආ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරන ලද වෙළෙඳ බලපත්‍රය හා වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද කාර්යය සඳහා අනුමැතිය ප්‍රදානය කිරීමේ ලිපිය* ඉදිරිපත් කළ හැකිය. 

(ii) වැලි නිස්සාරණය දිනකට කියුබ් 300ක් පමණ වේ.

(iii) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ විසින් නිකුත් කරන ලද වෙළෙඳ බලපත්‍රය 2013.07.30 දින දක්වා වලංගු වේ.

(ඇ) (i) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ දැදුරු ඔය ව්‍යාපෘතියට යට වන භූමියෙන් ලබා ගන්නා පස් සෝදා වැලි නිස්සාරණය කිරීමෙනි. මෙම භූමිය දැදුරු ඔය ජලාශයේ ජලය පිරවීම නිසා අනාගතයේදී ජලයෙන් යට වන අතර එවිට මෙම වැලි ලබා ගැනීමට නොහැකි වේ. කෙටි කාලීනව පාරිසරික වශයෙන් යම් යම් ගැටලු ඇති වුවද මෙමඟින් ලබා ගන්නා වැලි හේතුවෙන් ගංගාවලින් ලබා ගන්නා වැලිවලට විකල්පයක් වන නිසා අධික ලෙස ගංගාවලින් වැලි ගොඩ දැමීම අඩු කරගත හැකිය. එසේම මෙමඟින් සැලකිය යුතු ප්‍රමාණයකින් වැලි ඉල්ලුම සඳහා සැපයීම සිදු කරයි.

(ii) මෙම ව්‍යාපෘති භූමිය ජලයෙන් යට වන බැවින් නැවත පිරවීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

බලපත්‍ර කොන්දේසිවලට යටත්ව දැඩි අධීක්ෂණයක් යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරයි.

මෙම ප්‍රදේශයේ ආනතිය ජලාශයට ගැළපෙන අයුරකින් තබා ගැනීම සඳහා සෑම අවස්ථාවේදීම දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විසින් ලබා දෙන පරාමිතීන්වලට මෙහි කටයුතු සිදු වේ.

(ඈ) පැන නොනඟී.

 

—————————

*  පුස්තකාලයේ තබා ඇත.

*  நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

*  Placed in the Library.

 

Answered Date

2013-06-18

Answered by

Hon. (Dr.) Susil Premajayantha, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks