04

E   |     |  

 දිනය: 2025-12-12   පිළිතුර ලබා දී ඇත 

1575/2025: බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ, හාලිඇල සහ වැලිමඩ: පානීය ජල ගැටලුව

----

අසන ලද දිනය

2025-12-12

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්, දැනට ක්‍රියාත්මක බණ්ඩාරවෙල ජල සම්පාදන ක්‍රමය ඝන මීටර් 3,000ක පමණ ධාරිතාවකින් යුතු අතර, එම ප්‍රදේශයේ ලබා දී ඇති ජල සම්බන්ධතා 14,000 සඳහා එය ප්‍රමාණවත් නොවේ. මේ නිසා දියතලාව, ඇටම්පිටිය ජල සම්පාදන ක්‍රමවලින්ද ජලය ලබාගෙන මින් පෙර දින 14කට එක් වරක් ජලය ලබා දුන් බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට අවම දින 7කට වතාවක් ජලය ලබා දීම තෙක් ජල කළමනාකරණය කර ඇත.

(ii) ඔව්, දියතලාව ජල සම්පාදන ක්‍රමය මඟින් දැනට ඝන මීටර් 6,000ක පමණ ප්‍රමාණයක් බණ්ඩාරවෙල ප්‍රදේශයට ලබා දෙන බැවින් දියතලාව සහ හපුතලේ ප්‍රදේශ ආශ්‍රිතව යම්තාක්දුරට ජල ගැටලු පවතී.

එසේම මිරහවත්ත, ඩයරබා සහ කුරුකුදේ යන ප්‍රදේශවලට මේ වන විට ජල සම්පාදන මණ්ඩලය මඟින් ජල නල පද්ධති දීර්ඝ කර නොමැති අතර, ඉදිරියේදී බණ්ඩාරවෙල, දියතලාව සහ හපුතලේ ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය මඟින් මෙම ප්‍රදේශ ආවරණය කිරීමට නියමිතය.

(iii) ඔව්, බණ්ඩාරවෙල, දියතලාව සහ හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර I හා II, ජල සම්පාදන මණ්ඩලය මඟින් දැනටමත් ආරම්භ කර ඇත. දැනට ඩයරබා ජලාශයේ ජල තුළුමඟ ඉදිකිරීම් කටයුතු සියයට 80ක් පමණ අවසන් වී තිබේ. මෙහිදී ව්‍යාපෘතියේ අදියර I හා II යටතේ ඝන මීටර 10,000ක ජල පිරිපහදු ඒකකයක් ඉදිකිරීම් කටයුතු 2025.02.16 දින වත්මන් රජයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී.

(iv) 2025.02.16

(v) මෙම ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ සිදු කරයි.

අදියර I හා IIදී - ඝන මීටර් 10,000ක ජල පිරිපහදු ඒකකයක් ඉදිකර පනංගල, දියබිබිල, මාරබැද්ද හා ඩයරබා ප්‍රදේශවල ජල ගබඩා ටැංකි ඉදිකර සම්ප්‍රේෂණ නල හා බෙදා හැරීම් නල එළා, නව සම්බන්ධතා 9,000ක් පමණ ලබා දීමට හා පවතින ජල සම්බන්ධතාවල සේවා මට්ටම වැඩි කිරීමටද අපේක්ෂා කරයි.

(vi) බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය (වසම් 22)

 

● මාතැටිල්ල

● කොන්තෙහෙල

● අයිස්ලැබි

● කිරිඔරුව

● ඇත්තලපිටිය

● දිගනතැන්න

● අඹේගොඩ

● වැවතැන්න

● වටගමුව

● බිඳුණුවැව

● උ/කැබිල්ලේවෙල

● ගෙඩියාරොද

● බ/බටහිර

● බ/නැ‍ඟෙනහිර

● තන්තිරිය

● උඩපේරුව

● එගොඩගම

● වෙහෙරගලතැන්න

● ඉණිකමිබැද්ද

● ඕබඩැල්ල

● ද/කැබිල්ලේවෙල

● කිණිගම

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය (වසම් 4)

 

● කුරුකුදේ

● පෙරහෙට්ටිය

● වරකාදණ්ඩ

● මහතැන්න

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය (වසම් 12)

 

● පුහුල්පොල

● දික්කාපිටිය

● කොස්කණුවේ ගම

● ඩයරබා වත්ත

● කැටකෑල්ල

● පහළයල්කුඹුර

● වැලිකඩගම

● මිරහවත්ත

● උඩපීල්ල

● කොටකිතුල

● මල්පොත

● උඩකැන්දගොල්ල

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය (වසම් 4)

 

● දෝව

● පල්ලෙපේරුව

● හීල්ඔය

● කිතල්ඇල්ල

 

(vii) අදියර I හා II සඳහා රුපියල් මිලියන 9,350යි.

(viii) 2028 වසරේ ජනවාරි, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් කඩිනමින් ලබා දී 2028 වසරේ ජනවාරි සිට ජලය ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. සරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks