01

E   |     |  

 දිනය: 2025-11-19   පිළිතුර ලබා දී ඇත 

1567/2025: Dilapidated condition of Panadura District Magistrate official quarters

1567/2025

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පානදුර, ‘ද සිල්වා පාරේ’ පිහිටි දිසා විනිසුරු නිල නිවාසය (පෙර චන්ද්‍රසේකර වලව්ව) අභාවිතය සහ නඩත්තු නොකිරීම හේතුවෙන් බරපතළ ලෙස විනාශවී ඇති බව දන්නේද;

(ii) එම පරිශ්‍රය නැවත භාවිතයට ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(iii) එම පරිශ්‍රය තුළ අඩක් ඉදිකොට අතහැර දමා තිබෙන ගොඩනැගිල්ල කවරේද;

(iv) එකී ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා දැනට වැයකොට ඇති මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පානදුර මහෙස්ත්‍රාත්වරුන්ගේ, දිසාවිනිසුරුවරුන්ගේ සහ මහාධිකරණ විනිසුරුවරයාගේ නිල නිවාස අවශ්‍යතාවය විසඳීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(ii) මින් පෙර විනිසුරු නිල නිවාස සඳහා භාවිතා කරන ලද, පානදුර මුහුදු වෙරළ ආසන්නයේ ඇති රජයට අයත් ඉඩම්වල බිම් ප්‍රමාණය කොපමණද;

(iii) එකී ඉඩම් ඵලදායි ලෙස භාවිතා කිරීම සඳහා ගනු ලබන පියවර ‍කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-19

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks