01

E   |     |  

 දිනය: 2025-11-19   පිළිතුර ලබා දී ඇත 

1566/2025: Sentencing policy and Guidelines in Sri Lanka

1566/2025

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අපරාධ නඩුවලදී වරදක‍රුවන් වන චූදිතයන් හට දඬුවම් පැමිණවීමේදී විනිශ්චයකාරවරුන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය සහ මාර්ගෝපදේශ (Sentencing policy and Guidelines),  ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ පවතින්නේද;

(ii) අපරාධ නඩුවල දඬුවම් පැමිණවීමේ ප්‍රතිපත්තිය සහ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පසිඳලීම සඳහා වැදගත්වන සාධාරණ දණ්ඩනයක් පැනවීම සඳහා විනිශ්චයකාරවරුන්ට පිටිවහලක් වන්නා වූ, දඬුවම් පැමිණවීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-19

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks