පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1565/2025
ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රාගම නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු මුළු භූමි ප්‍රමාණය කොපමණද;
(ii) එම භූමිය තුළ අනවසරයෙන් ඉදිකරන ලද ව්‍යාපාරික ස්ථාන තිබේද;
(iii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිවිසුම් දොරටුව ඉදිරිපිට ගුවන් පාලම ආරම්භ වන ස්ථානයේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමේ පිහිටුවා ඇති පොලිස් මුරපොළ වටකර කඩ කාමර ඉදිකර ඇති බව දන්නේද;
(ii) එසේ කඩ කාමර ඉදිකරන මුල් අවස්ථාවේදී, අධිකාරියේ රාගම නගරය භාර ක්ෂේත්‍ර නිලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් අධිකාරිය දැනුම්වත් කර තිබේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) ඒ අනුව එම ඉදිකිරීම් ඉවත් කර තිබේද;
(v) නොඑසේ නම්, එම ඉදිකිරීම් ඉවත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-23
අසන ලද්දේ
ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 1.7490කි.
(ii) ඔව්.
(iii) රාගම නගරයේ ප්‍රධාන මාර්ගය දෙපස අනවසර ඉදිකිරීම් රාශියක් පවතින අතර, රාගම ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටා ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු, දැනට වෙනත් පාර්ශ්වයන් වෙත පවරා දී ඇති ඉඩම තුළද අනවසර ඉදිකිරීම් පවතින බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව ප්‍රශ්නගත ව්‍යාපාරික ස්ථාන 6ක් හඳුනා ගෙන ඇත. එමෙන්ම අනෙකුත් අනවසර ඉදිකිරීම් පිළිබඳ සමීක්ෂණයක් මඟින් හඳුනාගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
(ආ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයෙන් මෙම අනවසර ඉදිකිරීම් සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ බලාත්මක, විගණන හා පසුවිපරම් ඒකකය වෙත දන්වා ඇති අතර, ඒ අනුව ගෙන ඇති ක්‍රියාමාර්ග පහත පරිදි වේ.
සමාලෝචන කමිටුව කියන්නේ ගරු කථානායකතුමනි, නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශිත බල ප්‍රදේශවල සිදු වන අනවසර ඉදිකිරීම් ඇතුළු සැලසුම් වශයෙන් ඇති වන ගැටලු, නඩු පැවරීම් සහ සැලසුම් පසු විපරම, අනවසර ඉදිකිරීම් තුළින් ඇති වන හානිපූරණ ගැටලු යනාදිය සඳහා තීරණ ගැනීමට අධිකාරිය විසින් ස්ථාපනය කර ඇති අභ්‍යන්තර කමිටුවක්. එම කමිටුව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ (නීති), බලාත්මක-විගණන හා පසු විපරම් අංශයේ අංශ ප්‍රධානී ඇතුළු එම අංශයේ නිලධාරින්ගෙන්, කොළඹ මහ නාගරික ප්‍රදේශ අංශයේ නිලධාරින්ගෙන් හා අවශ්‍ය වූ විටක අදාළ අනෙකුත් ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත වේ.
(iv) නැත. ඉවත් කිරීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇත.
(v) දින 7 නිවේදනය සඳහා ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරි අධිකරණ කටයුතු සිදු කිරීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks