01

E   |     |  

 දිනය: 2025-12-10   පිළිතුර ලබා දී ඇත 

1564/2025: ඒකල කාර්මික ජනපදයේ කර්මාන්තශාලා: විස්තර

----

අසන ලද දිනය

2025-12-10

අසන ලද්දේ

ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඒකල පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කාර්මික ජනපදයේ කර්මාන්තශාලා 57ක් තිබෙනවා.

              (ii)      ඒවායෙන් මේ වනකොට 56ක් සක්‍රියව ක්‍රියාත්මක වනවා. ඉන් 6ක් සම්පූර්ණ ඵලදායිතාවට ඇවිල්ලා නැහැ. අනෙක් 50ම පූර්ණ ඵලදායිතාවෙන් ක්‍රියාත්මක වනවා.

            (iii)      ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ක්‍රියාකාරී නොවන ආයතනයක් තිබෙනවා. විශේෂයෙන්ම වසර එකහමාරක පමණ ඉඳලා U.S.S. Engineering (Pvt.) Limited කියන ආයතනය තමයි වසා දමා තිබෙන්නේ.

(ආ) (i) ඒ කර්මාන්තශාලාව පිළිබඳව මේ වනකොට ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඒ කර්මාන්තශාලාව නැවත ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා.

එම කර්මාන්තශාලාව නැවත පටන් ගන්න කියලා  දැනුවත් කරලා තිබෙනවා. නමුත්, ලබා දී තිබෙන කාල රාමුව ඇතුළත ඒ කටයුතු සිද්ධ වන්නේ නැති තත්ත්වයක් යටතේ අපි දැන් වාචිකව දැනුම් දීලා තිබෙනවා, ඉතාම කෙටි කාලයක් ඇතුළත නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ භූමි ප්‍රමාණය  නැවත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට පත් කරගෙන වෙනත් ආයතනයකට ලබා දෙන්න.

(ii) ඔව්.

(iii) එම භූමිය වෙනත් ආයතනයකට ලබා දීම සඳහා නිදහස් කර ගැනීමේ කටයුතු මේ වන විට සිද්ධ වනවා.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks