පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1564/2025
ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඒකල පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සතු කාර්මික ජනපදය තුළ ස්ථාපනය කර ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායින්, සක්‍රිය තත්ත්වයේ පවතින කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
(iii) ඒ අතුරින්, වසර 03කට වඩා කාලයක් ක්‍රියාකාරී තත්ත්වයේ නොමැතිව වසා දමා ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)(iii)හි සඳහන් කර්මාන්තශාලා සම්බන්ධව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) එම කර්මාන්තශාලා නැවත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන, අලුතින් කර්මාන්ත ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයෝජකයන් හට එම භූමිය ලබාදීමේ හැකියාවක් තිබේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-10
අසන ලද්දේ
ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඒකල පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කාර්මික ජනපදයේ කර්මාන්තශාලා 57ක් තිබෙනවා.
(ii) ඒවායෙන් මේ වනකොට 56ක් සක්‍රියව ක්‍රියාත්මක වනවා. ඉන් 6ක් සම්පූර්ණ ඵලදායිතාවට ඇවිල්ලා නැහැ. අනෙක් 50ම පූර්ණ ඵලදායිතාවෙන් ක්‍රියාත්මක වනවා.
(iii) ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ක්‍රියාකාරී නොවන ආයතනයක් තිබෙනවා. විශේෂයෙන්ම වසර එකහමාරක පමණ ඉඳලා U.S.S. Engineering (Pvt.) Limited කියන ආයතනය තමයි වසා දමා තිබෙන්නේ.
(ආ) (i) ඒ කර්මාන්තශාලාව පිළිබඳව මේ වනකොට ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඒ කර්මාන්තශාලාව නැවත ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා.
එම කර්මාන්තශාලාව නැවත පටන් ගන්න කියලා දැනුවත් කරලා තිබෙනවා. නමුත්, ලබා දී තිබෙන කාල රාමුව ඇතුළත ඒ කටයුතු සිද්ධ වන්නේ නැති තත්ත්වයක් යටතේ අපි දැන් වාචිකව දැනුම් දීලා තිබෙනවා, ඉතාම කෙටි කාලයක් ඇතුළත නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ භූමි ප්‍රමාණය නැවත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට පත් කරගෙන වෙනත් ආයතනයකට ලබා දෙන්න.
(ii) ඔව්.
(iii) එම භූමිය වෙනත් ආයතනයකට ලබා දීම සඳහා නිදහස් කර ගැනීමේ කටයුතු මේ වන විට සිද්ධ වනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks