පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1562/2025
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘ළඟම පාසැල හොඳම පාසැල’ ව්‍යාපෘතිය යටතේ, මාතර දිස්ත්‍රික්කයේ පාසැල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘති සඳහා වියදම් කර ඇති මුළු මුදල කොපමණද;
(ii) ඉහත (i)හි සඳහන් ව්‍යාපෘති අතුරින්, වැඩ නිම කර ඇති සහ වැඩ නිම කිරීමට නොහැකිවූ ව්‍යාපෘති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ව්‍යාපෘති යටතේ ඉදිකරන ලද මේ වනවිට භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින මාතර දිස්ත්‍රික්කයේ ඌරුබොක්ක ජාතික පාසැලේ ගුරු නේවාසිකාගාර දෙක, භාවිතයට ගත හැකි තත්ත්වයට පත්කිරීම සඳහා ඇති බාධා කවරේද;
(ii) ඒවා භාවිතයට ගත හැකි තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-02
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 'ළඟම පාසල - හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘති සඳහා වියදම් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,757.3කි.
(ii) ඔව්.
වැඩ නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව - 365
වැඩ නිම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති සංඛ්‍යාව - 8
(මෙම වැඩ දැනට ඉටු කරමින් පවතින අතර 2026 මුල් කාර්තුව තුළ නිම කිරීමට කටයුතු කරනු ඇත.)
(ආ) (i) නිල නිවාසයේ තිබූ භාණ්ඩ සොරුන් විසින් රැගෙන ගොස් තිබූ නිසා මු.රෙ. 104 පරීක්ෂණය සිදු කර වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට කාලයක් ගත වී ඇත. මු.රෙ. 104 අදාළ පරීක්ෂණ හා විමර්ශන සිදු කර වාර්තා ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් ගත වන බව නිරීක්ෂණය වන අතර, මෙවැනි පරීක්ෂණ නියමිත කාලය තුළ කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම ආයතන හා දෙපාර්තමේන්තු වෙත උපදෙස් ලබා දී ඇත.
(ii) ඔව්.
මු.රෙ. 104 පරීක්ෂණයේ නිර්දේශ මත අදාළ මුදල කොන්ත්‍රාත්කරුගේ රැඳවුම් මුදලින් අය කර අඩුපාඩු සම්පූර්ණ කර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් 2026 වර්ෂය තුළ ගොඩනැඟිල්ල භාවිතයට ගැනීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks