පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1557/2025
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා සතු වගා ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ඉඩම්වලින් වගා කටයුතු සඳහා යොදා ගන්නා සහ යොදා නොගන්නා ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම කර්මාන්ත ශාලාවල, සීනි හා එතනෝල් නිෂ්පාදන කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදුවන්නේද;
(iv) 2020 වර්ෂයේ සිට මේ දක්වා, එම කර්මාන්ත ශාලා මඟින් සිදු කරනු ලැබූ වාර්ෂික සීනි නිෂ්පාදනය සහ අලෙවිය කොපමණද;
(v) එම කර්මාන්ත ශාලා මඟින් උක් ලබා ගැනීමේ ක්‍රියාවලිය ඇණහිට තිබීම නිසා උක් ගොවීන් අපහසුතාවයට පත්ව ඇති බව දන්නේද;
(vi) අදාළ සමාගම් මඟින් සේවක වැටුප්, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා කළ යුතු ගෙවීම් නිසි පරිදි සිදු නොවන බවට වාර්තා වන බැවින්, එම තත්ත්වයන් මඟහරවා ගැනීමට කටයුතු කරන්නේද;
(vii) මෙම සමාගම්වල ක්‍රියාකාරිත්වය හා සේවක අයිතිවාසිකම් නිසි පරිදි ඉටු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-01-23
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i) පැල්වත්ත - හෙක්ටෙයාර 9,595යි.
සෙවනගල - හෙක්ටෙයාර 7,518යි.
(ii)
|
විස්තරය |
පැල්වත්ත (හෙක්ටෙයාර) |
සෙවනගල (හෙක්ටෙයාර) |
|
මුළු වපසරිය |
9,595 |
7,518 |
|
උක් වගා වපසරිය |
8,791 |
3,385 |
|
ඉතිරි වපසරිය (වෙනත් භෝග, අනවසර ඉදිකිරීම්) |
804 |
830 |
(අනවසර කටයුතු සඳහා නීති මඟින් කටයුතු කරමින් පවතී)
(iii) සෙවනගල
පැල්වත්ත
2025 මහ කන්නයෙන් අනතුරුව නඩත්තු කටයුතු සඳහා දැනට කර්මාන්තශාලා දෙකෙහිම නිෂ්පාදන කටයුතු නතර කර ඇති අතර, 2026 යල කන්නය සඳහා පෙබරවාරි මස මැදදී නැවත නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතය.
(iv)
|
වර්ෂය |
පැල්වත්ත |
සෙවනගල |
||
|
|
සීනි නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්) |
සීනි අළෙවිය (මෙට්‍රික් ටොන්) |
සීනි නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්) |
සීනි අළෙවිය (මෙට්‍රික් ටොන්) |
|
2020 |
23,582.15 |
17,614 |
16,115 |
13,851 |
|
2021 |
30,381.20 |
33,304 |
17,796 |
15,647 |
|
2022 |
24,110.25 |
23,217 |
12,628 |
14,632 |
|
2023 |
28,076.65 |
20,303 |
13,784 |
12,089 |
|
2024 |
27,790.85 |
15,415 |
11,930 |
9,901 |
|
2025 |
27,361.05 |
23,003 |
8,091 |
8,742 |
(v) සෙවනගල
පැල්වත්ත
පැල්වත්ත කර්මාන්තශාලාව මඟින් උක් ලබා ගැනීමේ ක්‍රියාවලිය ඇනහිට තිබුණේ නැත.
(vi) සෙවනගල
2025 ජූනි සිට සැප්තැම්බර් දක්වා සේවක අර්ථසාධක අරමුදල් - EPF - රුපියල් මිලියන 46.77ක් හිඟව ඇති අතර, 2025 ඔක්තෝබර් මස සිට අදාළ ගෙවීම් නිසි පරිදි සිදු කරනු ඇත.
පැල්වත්ත
සේවක අර්ථසාධක අරමුදල් සඳහා දායක මුදල් ගෙවීම 2024 දෙසැම්බර් මස සිට 2025 සැප්තැම්බර් මස දක්වා රුපියල් මිලියන 370.5ක් හිඟව පවතී.
(vii) · 2011.11.11 දින රජයට පවරා ගන්නා ලද නිලධාරින් සහ සේවක මණ්ඩලය 5,000කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරනු ලබන සී/ස ලංකා සීනි සමාගමේ කාර්ය මණ්ඩලය සකස් කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ගැනීමක් මේ දක්වා සිදු කර නොමැත. ඒ හේතුවෙන් රාජ්‍ය වැටුප් තලයන්හි මෙම ආයතන සේවකයින් පිහිටුවා නොමැත. මේ වන විට එම කටයුතු අවසන් අදියර දක්වා පැමිණ ඇත. කාර්ය මණ්ඩලය අනුමත වීමෙන් පසු ආයතනයේ සියලු සේවකයින් රාජ්‍ය වැටුප් චක්‍රලේඛ අනුව තෘප්තිමත් වැටුප් තලවල පිහිටුවීමට හැකියාවක් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks