පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1556/2025
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මහල් නිවාස හා වෙළඳ සංකීර්ණවලට විදුලිය ලබා දීමේදී, අදාළ මහල් නිවාස හා වෙළඳසැල් හිමිකරුවන්/ආයතන විසින් නව විදුලි ට්‍රාන්ස්පෝමර් මිලදී ගත යුතු බවට, ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම්දීම හේතුවෙන් ඔවුන් මහත් අපහසුතාවයට පත්ව සිටින බව දන්නේද;
(ii) ලංකා විදුලිබල මණ්ඩලයේ ට්‍රාන්ස්පෝමර් උපයෝගී කර නොගෙන මෙසේ විදුලිය ඉල්ලුම්කරුවන් විසින් ට්‍රාන්ස්පෝමර් ලබාගත යුතු බවට දැනුම්දීම හේතුවෙන්, ව්‍යවසායකයින් මෙන්ම මහල් නිවාස වාසීන්හට විශාල මුදලක් දැරීමට සිදුවන බව පිළිගන්නේද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලයේ ට්‍රාන්ස්පෝමර් උපයෝගී කර ගනිමින් ප්‍රමාදයකින් තොරව මහල් නිවාස හා වෙළඳ සංකීර්ණවලට විදුලිය ලබාදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-09
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහල් නිවාස හා වෙළඳ සංකීර්ණ සඳහා විදුලි බලය සැපයීමේදී ට්‍රාන්ස්ෆෝමරයක් අවශ්‍ය වන්නේද යන කරුණ තීරණය කරනු ලබන්නේ ඉල්ලා සිටිනු ලබන විදුලි සැපයුමේ ධාරිතාව අනුවය.
ඒ අනුව, විදුලි සැපයීමේ ධාරිතාව කිලෝ වෝල්ට් ඇම්පියර් 100 (100 kVA) ඉක්මවන්නේ නම් පමණක් ට්‍රාන්ස්ෆෝමරය සවි කිරීමේ පිරිවැය පාරිභෝගිකයා විසින් දැරිය යුතුය. ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම් පහත පරිදි වේ.
(ii) ඉහත පැහැදිලි කිරීම අනුව සැපයුම් සේවා ධාරිතාව අඩු අවස්ථාවල, එනම් ඇම්පියර් 30 හෝ ඇම්පියර් 60 සාමාන්‍ය තෙකලා සැපයුම් හා කිලෝ වෝල්ට් ඇම්පියර් 99 දක්වා වන සැපයුම සඳහා ට්‍රාන්ස්ෆෝමර් ස්ථාපිත කිරීම අනිවාර්ය නොවන අතර අවශ්‍ය වුවහොත් පමණක් මණ්ඩලයේ වියදමින් ට්‍රාන්ස්ෆෝමර් සවි කරනු ලබයි. පාරිභෝගිකයන්ගෙන් අය කරනු ලබන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත සම්මත ඉදිකිරීම් ගාස්තු හා ධාරිතා ගාස්තු - capacity charges - පමණි.
තවද, සැපයුම් ඉල්ලුම කිලෝ වෝල්ට් ඇම්පියර් 100 ඉක්මවන්නේ නම් පමණක් අදාළ ට්‍රාන්ස්ෆෝමරයේ සම්පූර්ණ ස්ථාපන පිරිවැය අයදුම්කරු විසින් දැරිය යුතුය.
(iii) මෙම අය කිරීම සඳහා වාර්ෂිකව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද සම්මත ඉදිකිරීම් පිරිවැය මත පදනම්ව ඇස්තමේන්තු සකසනු ලබන අතර, අදාළ ඇස්තමේන්තු සඳහා ගෙවීම් කිරීමෙන් අනතුරුව, ප්‍රමාදයකින් තොරව ඉදිකිරීම් සිදු කර අදාළ සැපයුම් ලබා දීමට කටයුතු කරයි.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2026-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks