E   |     |  

 දිනය: 2026-01-22   පිළිතුර ලබා දී ඇත 

1555/2026: ත්‍රිකුණාමලය NAITA දිස්ත්‍රික් කාර්යාලය සහ පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන යන ගොඩනැඟිලි: බද්ද

1555/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)      (i)        ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලය, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය සහ කින්නියා පුහුණු මධ්‍යස්ථානය පෞද්ගලික ගොඩනැගිලිවල කුලී පදනම මත පවත්වාගෙන යනු ලබන බව දන්නේද;

(ii) එසේ නම්, එම ගොඩනැගිලි සඳහා ගෙවනු ලබන මාසික කුලී මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මෙම මධ්‍යස්ථානවල පවත්වනු ලබන පාඨමාලා වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මෙම මධ්‍යස්ථානවල පැවැත්වීමට නියමිතව තිබූ පාඨමාලා මේ වනවිට ක්‍රියාත්මක නොවීමට හේතු කවරේද;

  යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘යුනිවර්සිටි කොලීජියක්’ (University College) ස්ථාපිත කිරීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අක්කර 13ක ඉඩමක් වෙන් කර, 2018 වර්ෂයේ අයවැයෙන් රු.මි. 50ක ප්‍රතිපාදන වෙන්කර ඉදිකර ඇති ගොඩනැගිල්ල මේ වනවිට අතහැර දමා ඇති බව දන්නේද;

(ii) ඉහත (අ)(i) හි සඳහන් කාර්යාලය සහ පුහුණු මධ්‍යස්ථාන මෙම ගොඩනැගිල්ලේ ස්ථානගත කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-01-22

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය හා කින්නියා පුහුණු මධ්‍යස්ථානය පෞද්ගලික ගොඩනැඟිලි දෙකක කුලී පදනම මත පවත්වාගෙන යයි.

              (ii)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයීය ගොඩනැඟිල්ල සඳහා මාසික කුලී මුදල රුපියල් 100,000කි. කින්නියා පුහුණු මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල සඳහා මාසික කුලී මුදල රුපියල් 44,000කි.

මේ NAITA එක 1990දී ආරම්භ කරන්නේ පනතකින්. 1991 ඉඳලාම කුලියට තමයි මේවා ලබාගෙන තිබෙන්නේ.  තව අවුරුදු දෙකකින් විතර මේවා රජයේ ආයතනවලට ගන්න අපේක්ෂා කරනවා.

(iii) මෙම මධ්‍යස්ථානවල පවත්වනු ලබන පාඨමාලා වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි ඉදිරිපත් කර ඇත.

(iv) කින්නියා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිගණක දෘඨාංග පාඨමාලාව උපකරණ හිඟය මත පාඨමාලා ප්‍රතීතනය නොවීම හේතුවෙන් තාවකාලිකව නැවතී ඇති අතර, 2026 වසර මුල එම පාඨමාලාව නැවත ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත.

(ආ) (i) අමප/25/2248/806/132 සහ 2025.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කින්නියා විශ්වවිද්‍යාල විද්‍යායතනයේ, ඉදිකිරීම් සහ ඉඩම් සංචාරක අමාත්‍යාංශයට පැවරීමට කටයුතු කර ඇත.

(ii) මෙම කාර්ය මණ්ඩල නේවාසිකාගාරය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට කිසිදු යෝග්‍යතාවක් නොමැත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් හේවගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks