පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පූනුගල සිට වේවැල්තලාව (වෑවියතලාව) දක්වාවූ මාර්ගයේ දිග කිලෝමීටර්වලින් කොපමණද;
(ii) වාහන ධාවනය කිරීමට පමණක් නොව, පා ගමනින් යෑමට පවා නොහැකි දුෂ්කර තත්ත්වයක එම මාර්ගය පවතින බව දන්නේද;
(iii) එම මාර්ගයේ පූනුගල සිට වේවැල්තලාව දක්වා කොටස පිළිසකර කිරීම සිදු නොකර ඇත්තේ කවර වර්ෂයක සිටද;
(iv) ඉහත මාර්ගය පිළිසකර නොකිරීම, වේවැල්තලාව වතුයායේ පදිංචිකරුවන්ගේ දෛනික කටයුතු සිදු කර ගැනීමට බාධාවක් බව පිළිගන්නේද;
(v) එම මාර්ගය පිළිසකර කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(vi) ඉහත මාර්ගය පිළිසකර කිරීමේදී, අදාළ වතු සමාගම සහ රජය අතර පවතින එකඟතාවය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම අමාත්‍යාංශය වෙත යොමු කරන ලද කෑගල්ල දිස්ත්‍රික් ලේකම්ගේ 2025.07.09 දිනැති ලිපිය හා කැලණිවැලි වැවිලි සමාගම විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව මෙම මාර්ගය කිලෝමීටර 15ක් පමණ බව වාර්තා වී ඇත.
(ii) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් විසින් මේ සම්බන්බන්ධව සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව අනුව මාර්ගය දුෂ්කර තත්ත්වයක පවතින බව වාර්තා වේ. ඒ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු ඇමුණුම 01හි දැක්වේ.
(iii) සමස්ත මාර්ගයේ අලුත්වැඩියාවක් සිදු කර නොමැති අතර, 2025 වර්ෂයේදී කැලණිවැලි සමාගම විසින් කිලෝමීටර තුනහමාරක පමණ කොටසක් තුළ, ඇතැම් ස්ථානවල පිළිසකර කිරීම්/ අලුත්වැඩියා කිරීම් ආදි කටයුතු සිදු කර ඇති බව දන්වා ඇත.
(iv) ඉහත මාර්ගය පිළිසකර නොකිරීම නිසා වේවැල්තලාව වතු යායේ පදිංචිකරුවන්ගේ දෛනික කටයුතු සිදු කර ගැනීමට බාධාවක් ඇති වී තිබෙන බව ප්‍රාදේශීය ලේකම්, යටියන්තොට 2026.07.16 දිනැතිව වාර්තා කර තිබෙනවා.
(v) වෑවියතලාව මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් කැලණිවැලි වැවිලි සමාගම විසින් මුල් අවධියේදී විරෝධතාව දක්වා ඇත. නමුත්, 2026 පෙබරවාරි 16 දිනැති ලිපිය මඟින් එම මාර්ගය සංවර්ධනය කිරීමට වතු යායේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ඉහත මාර්ගය සංවර්ධනය කිරීම සඳහා එකඟතාව පළ කර ඇත. ඊට අදාළ ලිපිය ඇමුණුම 02හි දැක්වේ.
එසේම, මෙම මාර්ගයේ සුළු අලුත්වැඩියා/ පිළිසකර කිරීමේ කටයුතු වෙනුවෙන් කැලණිවැලි වැවිලි සමාගම විසින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කරන බව ද දන්වා ඇත.
තවද, 2025 - ග්‍රාම මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අංක 25/0755/809/022-II හා 2025.04.30 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2025.05.07 දිනැතිව ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට වතු මාර්ග ද ඇතුළත් කර ඇත. ඒ අනුව, එම අමාත්‍ය මණ්ඩල තීරණයේ පිටපතක් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් විසින් යොමු කරන ලද සංවර්ධනය කළ යුතු මාර්ග හඳුනා ගැනීමේ නිර්ණායක සහ යෝජනා ලබා ගැනීමට අදාළ ආකෘති පත්‍රයද සමඟ ප්‍රතිපාදන වෙන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් 2025.10.09 දිනැතිව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වෙත දන්වා ඇත.
(vi) ඉහත මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් කැලණිවැලි වැවිලි සමාගම විසින් මුලදී එකඟතාව පළ කර නොමැති අතර, කැලණිවැලි වැවිලි සමාගමෙන් නැවත සිදු කළ විමසීම්වලට අනුව, එම වැවිලි සමාගමෙන් පිළිතුරු ලිපියක් 2026.02.16 දිනැතිව යොමු කර ඇත.
එසේම, වෑවියතලාව වත්ත මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැවිලි සමාගමේ විරෝධතාවක් නොමැති බවත්, විධිමත් ඉල්ලීමක් ලැබීමෙන් පසු ඒ පිළිබඳ වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව ලබා ගැනීමට කටයුතු කළ හැකි බවත් සඳහන් කර ඇත. එබැවින් 2026.03.11 දිනැතිව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වෙත දන්වා යවා ඇත.
ඊට අදාළ ලිපිය ඇමුණුම 03 මඟින් දැක්වේ. ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks